IMG-LOGO

පුද්ගල ඝාතනයකට මරණ දඬුවම

ටෝනි කරුණානායක 
 
නිට්ටඹුව හග්ගල්ල ප්‍රදේශයේ දී පිහියෙන් ඇන පුද්ගලයකුට ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වු 64 හැවිරිදි තිදරු පියකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු  මහතා මරණ දඬුවම අද (29) නියම කළේය.
 
රන්දුණු පේඩිගේ විමලදාස නැමති අයව ඝාතනය කර වසර 22 කට පසු රන්දුණු පේඩිගේ සුමනදාස නැමති අයට මෙසේ මරණ දඬුවම නියම වු අතර එම චෝදනා ලැබ සිටි මරණ දඬුවම නියම වු චුදිතයාගේ බිරිඳ වු හොරතල් පේඩිගේ සෝමලතා සහ එම යුවලගේ පුත් රන්දුණු පේඩිගේ චමින්ද යන විත්තිකාරියව සහ විත්තිකරුවා මහාධිකරණ විනිසුරුවරයා විසින් අද (29) චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
 
මරණකරු සහ මරණ දඬුවම නියම වු චුදිතයා ළඟම ඥාතීන් බවත් ගම පුරා අලවා තිබු කැලෑ පත්තරයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලකට 1996 වර්ෂයේ දෙසැම්බර් 6 වැනි දා හෝ ඊට ආසන්න දිනයකදී එම ඝාතනය සිදුවී තිබු බවට මහාධිකරණයේ දී සඳහන් විය.



අදහස් (2)

පුද්ගල ඝාතනයකට මරණ දඬුවම

Chanak Los angeles Friday, 29 June 2018 08:14 PM

දේශපාලනය නොවූ ඝාතනයක් වෙන්න ඇති එහෙනම්...

:       0       1

Mahee Saturday, 30 June 2018 05:06 AM

වසර 22 කට පසු නඩුව අහල ඉවර වුණා. අනේ අපේ අධිකරණ ක්‍රියා පද්ධතිවල අගේ. කිසිම වගකිව යුත්තෙකුට නඩු ප්‍රමාදය වලක්වන්න ඕන කමක් නැති හැටි. ඔන්න ඕක තමයි මිනිස්සු නීතිය අතට ගන්න පළමුවැනි හේතුව. සාක්කි කාරයෝ සිද්ධිය දැක්කත් ඉදිරිපත් වෙන්නේ නැති හේතුව. ආයුධ පෙන්වන්න එක්ක යන එක වඩා හොඳයි කියලා වැඩි දෙනෙක් කියන්න හේතුව... නීතියේ ආධිපත්‍යය බිඳවැටිලයි කියන හේතුව...

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 141 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site