IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික අංශයත් අල්ලස් පනතට ඇතුළු කරන්න යයි

 

(තරිඳු ජයවර්ධන)

පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීම් වරදක් වන ආකාරයට අල්ලස් පනත සංශෝධනය කිරීමට නියමිත බව  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කියයි.

මෙම වසරේ මුල් මාස තුනේදී අල්ලස් නඩු පණස් ගණනක් විභාග කර සැකකරුවන් 32 දෙනකු අධිකරණයෙන් වැරදි කරුවන් කර ඇතැයි ද   අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

2017 වසරේ දී අල්ලස් සහ වත්කම් නඩු අසූ 83කින් 57 දෙනකු වැරදිකරුවන් වී ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අල්ලස් කොමිසමේ ඉතිහාසයේ වැඩිම පිරිසක් අධිකරණයෙන් වරදකරුවන් කළ වසර 2017 වසර බව ද ඔහු සඳහන් කරයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 25 වසරක ඉතිහාසයේ තවමත් සිටින්නේ විමර්ශනය කරන පොලිස් නිලධාරීන් 200ක් පමණක් බවත්, උපාධි ධාරීන්, ගණකාධිකාරීන් ආදී විමර්ශන නිලධාරීන් නොමැති බවත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි. එම ගැටළුවට විසඳුම් ලෙස විශේෂඥ නිලධාරීන් 200ක් බඳවා ගැනීමට අවසර ලැබී ඇති බවත්, මේ වසරේ ජුනි වන විට 50 දෙනකු පමණ බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.



අදහස් (6)

පෞද්ගලික අංශයත් අල්ලස් පනතට ඇතුළු කරන්න යයි

dasun Sunday, 29 April 2018 07:05 AM

පාර්ලිමේන්තුවත් ඕකේ ඉන්නවද? නැත්නම් ඇතුල් කරන්න.

:       1       4

ananda Rathnayaka Sunday, 29 April 2018 07:31 AM

ගොඩක් හොඳ තීරණයක්.. අප රට සංවර්ධනයට නම් බෙහෙවින් වටිනවා.

:       0       101

Sunil Sunday, 29 April 2018 08:01 AM

අල්ලස් ගැනීම සහ අල්ලස් දීම ආණ්ඩුවේ හරි පුද්ගලික අංශයේ හරි කොහෙත් එකම වරදනේ නේද?

:       0       111

sana Sunday, 29 April 2018 09:26 AM

ඕකට දේශපාලනය කරන අය එල්ලෙන්නෙම නැද්ද? ඒ අය අල්ලස් ගන්නේ කොමිස් විදිහට සූක්ෂමව... ඉස්සෙල්ලා දේශපාලනයට එද්දි වත්කම් බලන්න. ඕකට අල්ලන්නේ පොඩි අය විතරයි හැමදාම...

:       0       55

Jehaan Sunday, 29 April 2018 11:52 AM

අල්ලස් ගැනීමේ ආදීනව මරණ මංචකයේදී හරි විපාක දෙනවා. වෘත්තීය කටයුතු කිරීමේදී එහි ආචාරධර්ම වලට මෙය අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුයි. නමුත් මෙවැනි දේවල් යන්තම් දැනුම් තේරුම් ඇති වයසේදීම, විශේෂයෙන් පාසල හැර යාමට පෙර අපේ තරුණ පරපුරට දැනුවත් කළයුතුයි. එවිට අඩු වශයෙන් අනාගත පරපුරවත් හැදේවි. මේ වගේ ගති පුරුදු නීතියෙන් පමණක් තුරන්කරන්න නොහැකියි.

:       0       62

සෙනෙවි Sunday, 29 April 2018 06:00 PM

එතකොට දෝෂාභියෝගය වෙලාවෙ ඡන්දෙ ගන්න දීපුවා මේ දැලට අහු වෙන්නෙ නැත්තෙ ඇයි?

:       50       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site