IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පුතාගේ මන්නා පහරින් පියාට බරපතල තුවාල

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අතුරුගිරිය හෝකන්දර හොරහේන ප්‍රදේශයේ නිවසක පිය පුතු දෙපළක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුතා එල්ල කළ මන්න පහරකින් බරපතල තුවාල ලැබූ 62 හැවිරිදි තිදරු පියෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළබව අතුරුගිරිය පොලිසිය පැවසීය.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ශල්‍යකර්මයක් සඳහා යොමුකළ බව  හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

වෘත්තියෙන් පෙදරේරුවෙකු වන තුවාලකරු අද (22) සවස  බාල පුතුන් දෙපළ සමඟ නිවසේ රැඳී සිටියදී 23 හැවිරිදි   වැඩිමහල් පුත්‍රයා නිවසට පැමිණ ඇත.

එහිදී පියා සමඟ  ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන්  නිවසේ මුළුතැන් ගෙයි තිබූ මන්නයක් ගෙන තම පියාගේ ගෙලට පහරදී බරපතල තුවාල සිදුකර ඇතැයි පොලිසිය පැවසීය.

පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක් සඳහා යොමු කර තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.



 

 

 



අදහස් (0)

පුතාගේ මන්නා පහරින් පියාට බරපතල තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 414 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 582 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site