එෆ්.අස්ලම්
දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිවාසිකම් පිළිගත යුතු බවට බලකරමින් ප්‍රකාශනයට පත්කර ඇති පොංගු තමිල් ප්‍රකාශනය දැක්වෙන ස්මාරකයක් යාපනය විශ්ව විද්‍යාලයේදී අද (17) විවෘත කෙරිණි.
යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම ස්මාරකය ඉදිකර තිබුණු අතර එම ස්මාරකය විවෘත කිරීමේ උත්සවය අද (17) උදෑසන පැවැත්විණි.
දෙමළ ජනතාවගේ අභිලාශයන් වන ස්වයං නිර්ණය, සාම්ප්‍රදායික මව්බිම, දෙමළ ජාතිකත්වය අයිතියක් ලෙස රජය පිළිගත යුතු බවට බලකරමින් 2001 ජනවාරි 17 වැනි දා යාපනය විශ්ව විද්‍යාලයේදී පොංගු තමිල් ප්‍රකාශනය සිදුකර තිබුණි.
එම ප්‍රකාශනයේ පුවරුවක් 2005 වසරේදී ඉදිකර තිබුණු අතර එය ස්මාරකයක් වශයෙන් නිර්මාණය් වන්නේ මහා ශිෂ්‍ය සංගමයේ දායකත්වය මතය.

COMMENTS
අනාගතේ තව පොංගුවක් බලන්න පුළුවන් වෙයි වගේ.
මෙවැනි දෑ රටේ නීතියට අනුකූලදැයි අධිකරණයෙන් විමසා බැලිය යුතු අතර එවැනි තීන්දුවකින් හැර එක එක පුද්ගලයින්ගේ වුවමනාවට හෝ ජාතිවාදී පදනමින් තම ඡන්දගොඩ වැඩිකර ගැනීමට බලහත්කාරී ක්‍රමමගින් මේවා මැඩ පැවැත්වීම ආණ්ඩුව හෝ එහි පාර්ශවකරුවන් මැදිහත් නොවිය යුතුය.
මේ ගොල්ලෝ කලින් පටන් ගත්තු මගුල නිසා අවුරුදු 30ක් දෙපැත්තේම මිනිස්සු දුක් වින්දා. තවත් වලටම තමයි අදින්නේ.. ඒකට උඩගෙඩි දෙන සිංහලයොත් ඉන්නවා. හරිම දුකයි අපේ රට ගැන..
මේක හිටෝපු භුමිය අයිති කාටද කියල කවුරුවත් කලින් හොයලා බැලුවද? මෙම ඉඩම අයත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් ස්වාධීන ජනරජයට බව දැන්වත් ඔවුන් දැනගත යුතු වෙනවා. මේ ජනරජයෙන් කොටසක් ඉල්ලලා, බැරිවූ තැන යුද්ධ කරන්න ගිහින් එලොව ගිය ත්‍රස්තයින් තවමත් සමහර තැන්වල හොල්මන් කරන බව මෙවැනි බහුභූත වැඩවලින් පේනවා. "පොංගු තමිල් ප්‍රකාශනය" කියන එක තමිල් නාඩුවට වලංගු වෙන්න පුළුවන්, නමුත් ශ්‍රී ලංකාවේ පාලන කටයුතු සඳහා අපේම ව්‍යවස්ථාව පැහැදිලිවම ස්ථාපනය කර තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යංශය, යාපන හමුදා අධිකාරිය සහ රජය එකතු වී මේ අටමගුල ඉක්මණින්ම ගලවා ඉවත් කිරීමට දින නියමයක් එය හිටවපු අයට දිය යුතුයි. එසේ නොවුණොත් ලඟම තිබෙන බුල්ඩෝසර් යන්ත්‍රය සූදානම් කර තබාගන්න. ශ්‍රී ලංකාව එක රටකි. එය හැමෝගෙම ඔලුවෙත්, හදවතේත් සදාකාලිකව රැඳී තිබිය යුතුය !!!
මෙම ස්මාරකය ඉබෙි පහළවුයේ නැත. කාලයක්තිස්සේ කළ නිර්මාණයකි.
මෙතන වෙනම රටක් ඕන බව කියන්නේ නැහැ නේද?
පහු පහුවෙනකොට කලින් වගේ අවි අතටගන්න සැලසුමක් නැහැ නේද? කලින් අවරුදු 30ක් සිංහල, දෙමළ දෙපිරිසම කාපු පරිප්පුඅව අමතක කරන්න එපා. දැන්වත් අහිංසක මිනිසුන්ට නිදහසේ ඉන්න ඉඩ දුන්නොත් ලොකුදෙයක්.
ලක්ෂ 62 කට සනීපද ???