IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාකිස්තාන ආරක්ෂක ලේකම් හෙට දිවයිනට

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබෙන සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා පාකිස්තාන ආරක්ෂක ලේකම් ඉක්රාම් උල් හක් ඇතුළු දූත පිරිසක් අඟහරුවාදා (2) මෙරටට පැමිණීමට නියමිතය. 

 

සිකුරාදා (5) දක්වා මෙරට රැඳී සිටින පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා මෙම සංචාරය තුළදී මෙරට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හමු වී සාකච්ඡා පවත්වනු ඇත.

 

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා, කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම, දෙරට අතර විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම යනාදි කරුණු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කරන බව පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

 

දෙරටේ සන්නද්ධ හමුදා අතර වෘත්තීමය හා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සබඳතා ප්‍රවර්ධනය කිරීම ද මෙම සංවාදයේ අරමුණක් වී ඇත. 

 

055



අදහස් (0)

පාකිස්තාන ආරක්ෂක ලේකම් හෙට දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site