IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


පාකිස්තානයේ බෝම්බයක් පිපිරී 30 ක් මරුට

නිරිතදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් බැතිමතුන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 80 කට වැඩි යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි පොලිසිය සැක කරයි. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ පෙෂවෝර් නුවර කූෂා රයිසල්දාර් මුස්ලිම් පල්ලියටය.

බෝම්බ ප්‍රහාරයට පෙර, බෝම්බ කබාවලින් සැරැසී සිටි ත්‍රස්තයන් දෙදෙනකු වෙඩි තබමින් පල්ලියට කඩා වැදී ඇත. බෝම්බය පුපුරුවා ගෙන ඇත්තේ එයින් එක් ත්‍රස්තවාදියකු යැයි පැවැසෙයි.

වෙඩි ප්‍රහාර එල්ල කරමින් පල්ලියට කඩා වැදුණු අවස්ථාවේදී, පල්ලියේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් සහ ත්‍රස්තයන් අතරේ දරුණු වෙඩි හුවමාරුවක් ද සිදුවිය. එයින් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අද (4) සවස් වනවිටත් කිසිදු පාර්ශ්වයක් ප්‍රහාරයේ වගකීම බාර ගෙන තිබුණේ නැත. ප්‍රහාරය සැලවීමෙන් තමන් කම්පනයට පත් වුණැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා තිබුණි.

තුවාල ලැබූවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තානයේ බෝම්බයක් පිපිරී 30 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1993 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 629 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site