( ගයාන් අමරසේකර)
දකුණු ආසියාවේ විශාලතම කුලුන වන නෙළුම් කුලුන විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මඟින් රු. 45.00ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් (16) වැනිදා නිකුත් කෙරේ.
එම මුද්දරය නිර්මාණය කරන ලද්දේ මුද්දර නිර්මාණ ශිල්පී පොත්පිටියගේ ඉසුරු චතුරංග කලාකරුවා විසිනි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නෙළුම් කුලුන වෙනුවෙන් සමරු මුද්දරයක්
kamal Friday, 13 September 2019 07:39 AM
අනේ අනේ අපේ දෙදහස් පන්සිය වසරක සංස්කෘතිය පාච්චල් වෙන වැඩ නම් කරන්න එපා. සමරු මුද්දරයක් නිකුත් කරනවා නම් ඒක දකුණු ආසියාවේ විශාලතම සමරු මුද්දරය වෙන විදියට නිකුත් කරන්න. නැතිනම් අපිට මදිකමක්...
wimal Friday, 13 September 2019 09:06 AM
පොහොට්ටුවට සුබ අනාගතයක්...
sirimal Friday, 13 September 2019 09:56 AM
කිසිකෙනෙකුට තඹ දොයිතුවකවත් ප්‍රයෝජනයක් නැති නිකන්ම නිකන් ශෝබනේට හදපු ඕකේ මුල්ගල තිබ්බ කට්ටිය මුද්දරේ බැරිනම් ලියුම් කවරේවත් නැද්ද?
SujeewaFriday, 13 September 2019 12:11 PM
සිරිමල් නම් පට්ට විදියට මෝඩකම ප්‍රසිද්ධ කළා වගෙයි. දන්නේ නැත්නම් කාගෙන් හරි අහලා ඉගෙන ගන්න මෙම කුළුනේ වාණිජමය, තාක්ෂණිකමය සහ ආරක්ෂක කටයුතු පිළිබඳව අප රටට ඇති වැදගත්කම. ඊට පස්සේ ඕනෑම පක්ෂයකට ඔයා කඩේ යන්න.
sirimalFriday, 13 September 2019 03:45 PM
වාණිජමය කියන්නේ ඕකේ අර කැරකෙන තට්ටුවේ තේ වතුර කඩ දෙකතුනක් දාගන්න එකද? ආරක්ෂා කරන්නේ කුළුණ මුදුනට නැගලා විරුද්ධ කාරයින් එනවද කියලා බලාගෙන ඉඳල වෙන්න ඇති මගේ හිතේ... කොහොම වෙතත් තාක්ෂණිකමය ඒවා නම් චීන්නුන්ගේ විද්‍යාගාරවලට තමයි අමුණලා ඇත්තේ.
KumarFriday, 13 September 2019 04:06 PM
සිරිමල්ගේ කතාවම තමයි මම අහන්න හිටියේ. ඔය කුලුනේ කිසිම වැදගත්කමක් ඇති කියලා සිතන්න අපහසුයි. මම සිතුවේ ඕක දේශපාලන පක්ෂයක වැඩක් කියලයි.
ලංකාපුත්‍ර Friday, 13 September 2019 01:18 PM
හරිම දුකයි. උඩිනුත් පල්ලෙනුත් කලම්බෝ ලෝටස් ටවර් කියලා තියෙනවා.. අහෝ සිංහලයාට ගිය කලක්..!!!
නොකවුට් Friday, 13 September 2019 02:09 PM
නිකන් අපරාදෙ මහජන මුදල්...
Sujeewa Saturday, 14 September 2019 09:15 AM
මෙම කුළුණ සැලසුම් කිරීමත්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් රාජපක්ෂ යුගයේ සිදුවූවක් බව රටම දන්නවා. නමුත්, යහපාලන රජය බලයට පත්වූ විගසම ඉන්දියානු රජය මෙය නතර කරනමෙන් ඉල්ලා සිටියා. යහපාලන රජය බලයට පත් කිරීමට උදව් වූ මිත්‍රයෙක්ගේ ඉල්ලීමකට කන්දී, ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුවත්, යහපාලන රජයට අප රටේ ඉන්නා දක්ෂ ආරක්ෂක නිලධාරින්, ටෙලිකොම් අංශයේ ඉන්නා උගත් තාක්ෂණික නිලධාරින්, සහ පුද්ගලික අංශයේ ඉන්නා වෘත්තිකයින් මෙම කුළුනේ ඇති වැදගත්කම පෙන්නූ පසු, කුළුනේ ඉදිකිරීම් නැවතත් ආරම්භ වී, කල්ගතවී, ප්‍රමාද වී හෝ කුළුනේ ඉදිකිරීම් අවසාන වීම ගැන මුළු රටම මෙම කුළුණ ඉදිකිරීමට දායක වූ සියලු දෙනාටම ස්තුති කළ යුතුය. ඔන්න තිත්ත ඇත්ත..!
nayana Saturday, 14 September 2019 11:15 PM
චීන අකුරෙනුත් ගැහුවා නම් නේද හොඳ? මේක චීන මිනිසුන්ගේ දහදිය මහන්සියෙන් හම්බකරපු මුදලින් කරපු දෙයක් නිසා...