IMG-LOGO

නිශ්ශංක සේනාධිපතිගෙන් අයිතිවාසිකම් පෙත්සමක්


 
(මනෝප්‍රිය ගුණසේකර)

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින් එය වළක්වාලන්නැයි ඉල්ලමින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පොලිස්පති පුජිත් ජයසුන්දර,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වේ.

පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වන්නේ අත්තනෝමතිකව හා නීතිය ඉක්මවා යන ආකාරයට බව පවසන පෙත්සම්කරු මෙම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින්  පෙත්සම අවසන් වනතුරු තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලීමක් කර ඇත.



අදහස් (4)

නිශ්ශංක සේනාධිපතිගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

sirimal Wednesday, 16 May 2018 08:47 AM

ඔහොම ගියොත් පෝය දෙක නිකන්ම ගෙවිල යයි.

:       0       27

Hafeel Wednesday, 16 May 2018 08:52 AM

බයවෙන්නේ මොකටද මේ යහපාලන බලයේ ඉන්නකම්?

:       0       47

Jayantha Wednesday, 16 May 2018 09:06 AM

මේක මාර වැඩක්නේ. මේ මිනිස්සු කෝටි ගණන් හම්බ කළා. නීතිය අනුව හෝ අයථා විදියට. විමර්ශන අනුව හම්බ කලේ වැරදි ක්‍රමයකට නම්, ඔවුන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නට උසාවියට ගිහින් කල් ගන්නවා නම්, මෙම පෙත්සම සතියකින් අසා මේ කම්බා හොරුන්ට ඉක්මණින්ම දඬුවම් කරන ක්‍රමවේදයක් ඇති කල යුතුය. රටේ නීතිය මේ මිනිස්සු විහිළුවක් කරගෙන වගේ...

:       12       54

Sanath Thursday, 17 May 2018 06:22 AM

කාට කාට හොඳක් වුනත් රටක නීතියට පිටින් ගිහිල්ලා විදේශ විනිමය අවභාවිතය කිරීම දිගුකාලීනව සිදුවුනොත් නීතියානුකූල රජයට පරිබාහිර මාෆියා පාලනයක් ඇතිවීම වැළක්විය නොහැකි වන අතර එයින් ගැලවීමටද අපහසු වියහැක. සෝමාලියා මුහුඳු කොල්ලකරුවන් ද ඔවුන්ගේ රටට විදේශ විනිමය ලබාදුන්නත් ඔවුන් තමන්ගේ රට ජ්‍යත්‍යන්තරව ත්‍රස්තවාදී රටක්ලෙස හංවඩු ගසාගෙන ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1790 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site