IMG-LOGO

නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන පාර්ලිමේන්තු කල් දැමීමේ විවාදයක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)


හම්බන්තොට වරාය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දීම සඳහා රාජපක්ෂ රජයේ මැතිවරණ ව්‍යාපාරයට චයිනා හාබර් සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් ගෙන ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පවත්වන්නැයි සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.


මේ සිද්ධිය රටේ මහත් ආන්දෝලනයකට ලක්වී ඇති හෙයින්  සිද්ධිය ගැන ජනතාව දැනුවත් විය යුතු නිසා මේ අවස්ථාවේදී කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ඉතාම වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.


නිව්යෝක් ටයිම්ස් පුවත බොරුවක් නම්  ඒ පුවත්පතට විරුද්ධව එන්තරවාසියක් යැවිය හැකි වුවත් මෙතෙක් එවැනි ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් සැකය තව තවත් වර්ධනය වන බව කී රාමනායක මහතා ප්‍රවෘත්තිය බොරුවක් බව පවසා එන්තරවාසියක් යවා පෙන්වන්නැයි තමා හිටපු නායකයන්ට අභියෝගයක් කරන බවද ප්‍රකාශ කළේය.


රන්ජන් රාමනායක මහතා මෙසේද පැවසීය.


පුවත බොරු නම් ඒ ක්‍රියාමාර්ගයට යන්න පුළුවන් හිටපු නායකයාගේ පවුලේ නීතීඥවරයකු ඉන්නවා. ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනකු ඉන්නවා. මේ අයට හෝ මැදිහත් වෙලා මේ එන්තරවාසිය යවන්න පුළුවන්. නමුත් කවුරුත් ඒක කරලා නැහැ.


සාමාන්‍යයෙන් මෙවැනි වගකිව යුතු පුවත්පතක් කිසිදු  වගකීමක් නැතිව පුවතක් පළ කරාවි කියලා හිතන්න බැහැ. මම මේ ගැන විමර්ශන අංශ කීපයකට පැමිණිලි කරලා තියෙන්නේ. දැනටමත් ඒ පිළිබඳ විමර්ශන සාර්ථකව යනවා.



අදහස් (10)

නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන පාර්ලිමේන්තු කල් දැමීමේ විවාදයක් ඉල්ලයි

Thilina Sunday, 01 July 2018 10:03 AM

බොහොම හොඳයි ..ඒ වගේම අර එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් එක ගැනත් ඔය විදිහටම විවාදයක් ඉල්ලන්නකෝ..ඔබතුමාට ඒ ගැන කීප දෙනෙක්ම අභියෝග කලත් කිසිම සද්දයක් නැහැනේ ඒ ගැන

:       542       430

sena Sunday, 01 July 2018 10:09 AM

මේ ගැන කොමිසමක් පත් කරලා නඩු දාන්න කටයුතු කරන්නේ නැත්තේ මොකද?

:       1       161

etharahrlaya Sunday, 01 July 2018 11:46 AM

යුද්දේ නතර කිරීම සහ සාම දුතයන් පලවා හැරීම තුළින් අපු බිල්ලෙක් මේ. .

:       527       556

සතයපාල Sunday, 01 July 2018 12:19 PM

අනිවාර්යෙන්ම මේ ගැන පාර්ලිමේන්තු විවාදයක් පමණක් නොව තේරිම් කාරක සභාවක් හරහා පරීක්ෂණයක් කළ යුතුයි. එම පරීක්ෂණය කර අවසන් වන තුරු චයිනා හාබර් සමාගමේ සියලු කටයුතු ලංකාව තුළ තහනම් කල යුතුය.

:       43       218

සනත් Sunday, 01 July 2018 03:33 PM

හැමෝගෙම කිල්ලෝටවල හුණු ටිකටික තියනවා කියන්නේ මේවට තමයි. 2010 ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාටත් ඔහොම ඩොලර් 5000ක් විතර ඇමරිකාවෙන් ලැබුණා කියලා මට මතකයි...

:       194       92

senarath Sunday, 01 July 2018 06:16 PM

ස්ත්‍රී දුෂකයෝ පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැනත් විවාදයක් ඉල්ලන්න ඕනේ. ඒවා මෙයට වඩා බරපතල වැරදි .

:       13       22

maheshika Sunday, 01 July 2018 10:31 PM

බැංකු හොරා බෙදපු සල්ලි ගැන විවාදයක් තිබ්බද? මට පෙනෙන විදියට බැකු හොරගෙන් සල්ලි ගත්තු 118 දෙනා ගැන යටපත් කොරන්න ප්ලෑන් කරලා මුදල් දී ප්‍රචාරය කොරපු එකක්. යුරෝපේ කොටියෙකු ලවා මේවගේ වැඩක් කොරගන්න හරිම ලේසි

:       226       238

prakaash Monday, 02 July 2018 04:37 AM

රන්ජන් කරන්නේ මේ රට විනාශ කරන කොන්ත්‍රාත්තුවකි. එයට ඩොලර් මලුපිටින් ලැබෙන බව කිව යුතුයි.

:       0       0

Bandula. Monday, 02 July 2018 07:39 AM

අර බැඳුම්කරේ යට ගහන්න ගන්න උත්සාහයක් නෙමෙයි නේද? ඔය කාටකාටත් සාධාරණයක් වේවිද?

:       0       0

Bamunuarachchi Tuesday, 03 July 2018 01:05 AM

" වගකීමක් නැතිව පුවතක් පළ කරාවි කියලා හිතන්න බැහැ." ඔහෙට හිතන්න බැරිදෙවල් ලෝකේ ඕනෑතරම් සිදුවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site