ගයාන් අමරසේකර
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව සරසවි සිසුන් මුහුණ දෙන නවක වදය නැවැත්වීමේ එක් වැඩපිළිවෙළක් ලෙස නව (EMERGENCY SAFTY MOBILE APP) එකක් හදුන්වාදීමේ උත්සවයක් අද (6) කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී එම ඇප් එක මගින් නවක වදයට ලක්වන සිසුවාට හෝ එවැනි සිද්ධියක් දුටු පුද්ගලයකුට පැමිණිලි කළ හැකිය.
අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහත්වරු ඊට සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හැදුවනම් අනිවාර්යෙන්ම මිලියන ගානක ව්‍යාපෘතියක්. හැබැයි ඕකේ අවසාන ප්‍රතිපලේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ එකක්.
ඇමතිතුමා කරනවා නම් වැඩේ මේක තමයි.ඒ වගේම අකුරටම ක්‍රියාත්මක විය යුතුයි.අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ,දෙසරයක් හිතන එකක් නැහැ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා උසස් අධ්‍යාපනය හදාරන්න.අනිත් එක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කළ යුතුයි.
මොන ක්‍රමයකින් හරි මේ නවක වදය නතර කලයුතුමයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ අක්බර් ශාලාවේ තමයි ඒ කැම්පස් එකේ දරුණුම නවක වදය දෙන්නේ. යාපනයෙන් ආව ඉංජිනේරු ශිෂ්‍යයෙක් මැරෙනකම්ම වදේ දීලත් මේ ව්‍යසනය නතර කරන්න තවමත් බැරිවෙලා තියෙනවා. අඩුමගානේ අවුරුද්දකට ළමයි සීයක්වත් විශ්වවිද්‍යාල අත්හැරලා යනවා මේ වදය ඉවසගන්න බැරි නිසා. මගේ ළමය ඉංජිනේරු අංශයට තේරුනත් නවක වදයට කැමැති නැති නිසා පිටරටකට ගිය ඉගෙනගන්න කරන්න.
නිදහස් අධ්‍යාපන්ය වනස ඇප් එපා
මේ මිලේච්ඡ හැසිරීමට ලංකාවේ කිසි දිනක රීට සරිලන දඬුවමක් නොතිබීම මෙය වැලක්වීමට ඇති ප්‍රධානම බාධකයයි. මේ ව්‍යසනය අද සිසුන් සරසවි අධ්‍යාපනය අතහැර යන තත්වයක් දක්වා වර්ධනය වී ඇත. මෙවැනි අපරාධ සඳහා වසරක සිර දඬුවමක් සහ සදාකාලික පන්ති තහනමක් අවම වශයෙන් අවශ්‍යයි. මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන තුල සිදුවන මෙවැනි අපරාධ වැලැක්වීම සඳහා දැඩි තීරණ ගැනීමට ඇමතිවරයාට කශේරුවක් තිබේයයි සිතමි.
ඇත්තටම ඒක මානසිකව මාර වාතයක්, කෑම,නින්ද ,ඇදුම් ,සෞඛ්‍ය ආරක්ෂාව ,පුද්ගලිකත්වය ,සති අන්තයේ නිවසට යාම,නිවසට දුරකථන ඇමතුම් දීම වගේ ගොඩාක් දෙවල් සීමා කරල නිදහසක් නැති කරනවා, හරියට අවුරුද්දක් දෙකක් වගේ මේක නවත්තන්න උපරිම මහන්සි වුණා නම්, සදහටම මේක නවත්තගන්න පුලුවන්...