(අංජුල මහික වීරරත්න)
නොර්වේ රාජ්‍යයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට, සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් මහත්මිය සමඟ ඒකාබද්ධ ප්‍රවෘති සාකච්ජාවකට සහභාගී වෙමින් පැවැසීය.
ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ ශාලාවේදී මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කිරීම සඳහා දිගු කාලයක සිට නෝර්වේ රජයෙන් ලැබෙන සහයෝගය අගය කළ රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සහයෝගය තවදුරටත් උපරිම ලෙස ලබා ගැනීමට ක්‍රියා කරන බව සඳහන් කළේය.
නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් මහත්මිය මෙහිදී පැවසුවේ ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර අතීතයේ සිට පැවති සම්බන්ධතා මේ වන විට තවත් ශක්තිමත් වී තිබෙන බවයි.
ශ්‍රී ලංකාවේ ඉලක්කගත තිරසාර සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා නෝර්වේ රාජ්‍යය උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත්, නෝර්වේ රාජ්‍ය සතු නවෝත්පාදන දැනුම සහ තාක්‍ෂණය හුවමාරු කර ගැනීමට සූදානම් බවත් සෝල්බර්ග් මහත්මිය අවධාරණය කළාය.

COMMENTS
ඔක්කෝටම ඉස්සෙල්ලා අර ඉන්දියන් කාරයෝ බුරුතුපිටින් ඇවිත් අපේ මාළු ටික බාගෙන යන එක නවත්තාගන්න. ඊට පස්සේ නොර්වේ එක ගෙන්වාගෙන ඉගෙන ගන්න.
"දැනුම සහ තාක්‍ෂණය හුවමාරු කර ගැනීමට සූදානම් බවත්" මොනවද ඉතින් අපිට බිලිබා ගන්න හැටි කියල දීලා බැංකු මංකොල්ල කනහැටි අපෙන් ඉගෙනගන්න පුළුවන්. හැබැයි බිලිබාගන්න හැටි මහින්ද මහතාට නම් කියලා දෙන්න ඕනෙත් නැහැ...
එක කාලෙකුත් ඔය වගේ ගිවිසුමක් ගහලා ඔය කට්ටිය අපේ මුහුදේ මාළු ටික අල්ලාගෙන ගියා නේද?
ඕකට මොකද පිටරට සහාය. වැඩක් තනියෙන් කරගන්න තියෙන නොහැකියාව තමයි. අපි අපිටම අාවේනික ක්‍රමයකට රට හදාගන්න ඕන වෙන රටවල් වලට ඕන විදියට නෙමෙයි. මාලු කල් තබා ගන්න ධීවර බෝට්ටු වලට සොලර් පැනල් හරහා ශීතාගාර පහසුකම් හදාගන්න අයිස් වෙනුවට, ගොඩ බිම මලු විකුණන අයටත් එවනි පහසුකම් දෙන්න, වැඩි පුර මාලු තියෙන කාලවලට ඒවා ටින් කරන්න හෝ කරවල වගෙ කරගන්න ක්‍රම හදගන්න, එහෙම නැතුව අර 2001 වගේ ජපන්නු ගෙනල්ලා අපේ මලු ටික විනාශ කරා වගේ දෙවල් කරන්න එපා.
පිට අයගෙන් උදව් ඉල්ලගන්න පුළුවන් මානසිකත්වයක් එනකම් අපිට දියුණු වෙන්න ලේසි නැහැ.... නොර්වය මේ අතින් ඉහළින් ඉන්නේ. ඉතින් උදව් ගත්තම මොකද වෙන්නේ. ඒගොල්ලන්ට ලංකාවේ මාළු ඕනේ නැහැ. එම රට ස්වයංපෝෂිත මාළු වලින් සහ සල්ලි වලින්. අතිරික්ත ආදායමක් තියෙන රටක්.