IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට ගම්වාසීන්ගේ විරෝධය

(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගෙ )
 
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් උද්ගතව ඇති, වත්මන් පාරිසරිකගැටලු සහ නිරිත දිග මෝසම් සුළං සමයේ දී ඇතිවි
ය හැකි පාරිසරික ගැටලු හේතුවෙන් බලාගාරය අවට ගම්මාන කිහිපයක ජනතාව සිය විරෝධය පළකර සිටියහ.

පනයඩිය ප්‍රදේශයේ ගොවියෙකු වූ කදිරගාමන් පුෂ්පනාදන් මහතා පවසා සිටියේ විදුලි බලය ජාතික අවශ්‍යතාවයක් නිසා, තමුන් ඊට එරෙහි නොවන බවයි.

නොරොච්චෝල බලාගාරය අවට ගම්මාන රැසක ජනතාවට උද්ගතව ඇති සෞඛ්‍ය, ආර්ථික සහ පාරිසරික ගැටළු සඳහා අඳ, ගොලු, බිහිරි පිළිවෙතක් දැරීම සංවේගයට කරුණක් බවත් ඉදිරියේ දී ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් නොලැබුණොත් මහපාරට බසින බවත් ඒ මහතා පැවැසීය.
 
වාරිමාර්ග, ජල කලමනාකරණ සහ ආපදා කලමනාකරණ රාජ්‍ය ඇමති රංගේබණ්ඩාර මහතා විරෝධතාකරුවන් හමුවෙමින් විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්, සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසී ජනතාව දේශපාලන අධිකාරිය සමග කථා බහ කිරීමට අවස්ථාවන් ලබාදෙන බවට පොරොන්දුවක් ලබා දීමෙන් පසු ජනතාව විසිර ගියහ.
 
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ඇතුලු පරිසර සංවිධාන රැසක සාමාජිකයින් සහභාගී විය.



අදහස් (7)

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට ගම්වාසීන්ගේ විරෝධය

ධනුෂ්ක Saturday, 19 May 2018 02:41 PM

විදුලියයි, පරිසරයයි දෙකම ඕනේ. පරිසර විනාශයේ විපාක දැන් ලෝකය අත්විඳින්න පටන් අරන් තිබෙනවා. එ් නිසා පරිසර විනාශය නොකර සූර්ය කෝෂ මගින් විදුලිය ලබා ගන්න සැලසුම් සදනවා නම් ඉතා හොඳයි. ජනතාවට දැන් පුළුවන් රෑට විදුලිබල මණ්ඩලෙන් අරන් ඊට හිලව් වශයෙන් දවල්ට මණ්ඩලයට සූර්යකෝෂ හරහා විදුලිය ලබා දෙන්න. මේකට අධික වියදම් යන බැටරි අවශ්‍ය වන්නේද නැත. එ්කක180ට වඩා භාවිතා කරන අයට මේක ලාභයි. කර්මාන්තශාලා අනිකුත් අායතන තමන්ගේ ලාභයෙන් කොටසක් මේ සඳහා අයෝජනය කිරීමට හා රජය ඊට බදු සහන ලබා දෙනවා නම් යහපත්. විශාල වශයෙන් විදුලිය ඕනේවෙන දවල් කාලයේ වහලයෙන් උපරිම ඵල නෙලා ගන්න පුලුවන්. එතැන දී තිබෙන බලාගාර වහනවට වඩා නැවත බලාගාර ඉදිනොකරන්න හරි පුලුවන් වේවි...!!!

:       146       9

sanathSaturday, 19 May 2018 07:51 PM

සූර්ය කෝෂ පැනලවලට සහ එයට අවශ්‍ය ඉන්වර්ටර් වලට කිසිම බද්දක් අයකරන්නේ නැත. එ්කක 180 කට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන මුදල් ඇති අයටද මෙම පද්ධති සවිකරගෙන වැඩිපුර නිපදවෙන විදුලිය ඒකකයකට රුපියල් 22 බැගින් විදුලිබල මණ්ඩලයෙන් මාස් පතා මුදල් ලබාගත හැකිය.

:       1       0

අමා Saturday, 19 May 2018 02:46 PM

ඡන්දයක් වත් ළඟද, උමාඔය වගේ ඇදගෙන යන්න.

:       281       138

aseSaturday, 19 May 2018 03:59 PM

ලියන්න පෙර ගිහින් බලන්න !!

:       4       55

නිශාන් Saturday, 19 May 2018 07:04 PM

ගල්අඟුරු වලින් විදුලිය හදන එක ලාභ ක්‍රමයක්. රටේ ආර්ථිකයට බර අඩුයි. නමුත් පරිසර ගැටළු අවම කල යුතුවෙනවා. එවැනි තාක්ෂණ ජපානය වගේ රටවල තියෙනවා. ගල්අඟුරු වලට ලංවිම කැමති වියදම අඩු නිසා... නමුත් අමාත්‍යාංශයේ අය කරන දේවල්වලින් හොඳම ගල් අඟුරු එන්නේ නැහැ. එක ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවෙන් තේරෙනවා. ඒ එක මාෆියාවක්. දෙවැන්න ඩිසල් මාෆියාව. ඔවුන්ට ඕනෑ කීයට හරි ඩිසල් විදුලිය දෙන එකයි. ඩීසල් ගල්අඟුරු වගේම පරිසර හානි කරනවා. අලුත්ම තර්කය ස්වභාවික වායු. නමුත් ඒවා ගබඩා කරන්න තැනක් නෑ. ඒ නිසා ඩීසල්ම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. තිබ්බත් මිල අධිකයි. සූර්ය බලයෙන් විදුලිය හදපුවාම රෑට කුප්පි ලාම්පුවෙන් තමයි ඉන්න වෙන්නේ. පද්ධතියට දැමිය හැකි සූර්ය බලය සීමිතයි. පම්ප් ස්ටොරේජ් වගේ දේවල් වලට තවත් වියදම් කළයුතු වෙනවා. ඒ නිසා මේ හැම දේම සමතුලිත විය යුතුවෙනවා... ලාභදායක ලෙස විදුලය දීමට...

:       0       9

Soma dubayi Sunday, 20 May 2018 03:42 AM

පරිසරය වනසා සිදුකරන ගල් අඟුරු බලාගාර වසා දමන්න....

:       134       2

සතයපාල Sunday, 20 May 2018 07:27 AM

රටේ ජනතාවගේ විරෝධය නොතකා එදා පාලකයෝ ගත්ත මේ ක්‍රියාමාර්ගය නිසා අද ඇතිවෙලා තියෙන පාරිසරික සමාජිය හා ආර්ථික ප්රශ්ණ වලට විසදුම් සෙවීම ඉතා දුෂ්කර හා සංකීර්ණ කාර්යක් වෙලා.එක පැත්තකින් නොරොච්චෝලේ බලාගාරය අනිත් පැත්තෙන් මීතොටමුල්ල වැනි රටපුරා ඇති කුණු කඳු වන අතර තවත් පැත්තකින් පස් කඳු මත ඉඳිකල අධිවේගි මාර්ග නිසා ඇතිවන ගංවතුර තර්ජන.මේ සියල්ලටම මුලවුයේ විශේෂඥයන්ගේ උපදෙස් නොතකා දේශපාලකයන්ගේ අභිමතාර්ථ හා මනදොළ සපුරාලීම හා තම සාක්කුවට වැටෙන කොමිස් මුදල රට හා රටේ ජීවත්වන ජනතාවට වඩා ඔවුනට වැදගත් වීමය.

:       285       118

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්ටේනරයේ යතුරුපැදියක් ගැටී අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 13 77 0

කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් අද (13) පෙරවරුවේ ගැටීමෙන් අයෙකු මරණයට පත් වී


දුම්රියේ ගැටී දෙකක් මරුට අයෙක් බේරෙයි
2024 සැප්තැම්බර් මස 13 291 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස


ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 13 1002 0

ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


සොරකමේ ඇවිත් ආරක්ෂකයාටත් පිහියෙන් ඇනලා
2024 සැප්තැම්බර් මස 13 273 0

රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ


ගනේෂ් රාජාගේ සේවය අත්හිටුවයි
2024 සැප්තැම්බර් මස 13 1151 0

ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර ලැබිය.


සහල් මිල දිනෙන් දින ඉහළට
2024 සැප්තැම්බර් මස 13 546 2

කතරගම, තිස්සමහාරාම ඇතුළු අවට ප්‍රදේශයන්හි කුඹුරු අස්වැන්න නෙලීම ආරම්භ කළ ද සහල් මිල දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන බව ප්‍රදේශවාසීහු පවසති.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 25 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2059 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 946 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site