(ඩයනා උදයංගනී)
නායයෑම් අධි අවදානම් සහිත ප‍්‍රදේශවල වෙසෙන පවුල් සඳහා ආපදාවන්ට ඔරොත්තු දෙන පෙර සවි ආපදා ප‍්‍රත්‍යස්ථ නිවාස 10,000ක් ඉදිකිරීමට වාරි මාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙහි පළමු අදියර ලෙස රුපියල් කෝටි 253 ක වියදමින් නිවාස 1,170ක් ඉදිකිරීමට කටයුතු කරන බව වාරි මාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
මෙම පළමු අදියරේ නිවාස රත්නපුර, කළුතර ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක ඉදිකරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
චීන රේල්වේ බීජිං ඉංජිනියරින් ගෲප් කසපැණි සහ සීමාසහිත යප්කා ඉදිකිරීම් පෞද්ගලික ආයතන විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුව එම සමාගම් හා එක්ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.
ඉදිරියේදී එම සමාගම් සමඟ ගිවිසුමකට එළඹීමට ද නියමිත අතර ඒ සඳහා වාරි මාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නායයෑම් සිදුවන ප්‍රදේශවලට ඔරොත්තු දෙන නිවසක්
maheshika Sunday, 23 September 2018 03:25 PM
ගංවතුර ගලන ප්‍රදේශ සහ පහත්බිම් වලටත් අාරක්ෂිත නිවාස හඳුන්වා දෙන්න. උදාහරණ විදියට කණු මත ඉදිකරන නිවාස... නිවසට යටින් ජලය ගලා යා හැකි විදියට. මෙමගින් ඉතා ඉක්මණින් වතුර බැස යාමද සිදුවනු ඇත...
රවින් Monday, 24 September 2018 03:21 AM
මෙම නිවාස ලංකාව වැනි රටකට සුදුසු නොසුදුසු බව ගැන රාජ්‍ය හා පුද්ගලික අංශ විද්වතුන්ගේ උපදෙස් ලබාගත්තොත් හොඳ නැද්ද? මේ ගෙවල්වල ජිවත් වෙන්න යන්නේ ලාංකීය පුරවැසියෝ. ලංකාවේ තෙතමනය වැඩි නිසා විවිද ජීවින් වර්ග පරිසරය තුල ජීවත්වේ. ඉතා හොඳ වාතාශ්‍රයක් නොමැතිනම් ගෙවැසියෝ ඉක්මනින්ම ලෙඩවලට ගොදුරු විය හැකිය. ශීත රටවලට ඔරොත්තුදෙන නිවෙස් තුල උෂ්ණත්වය රදාපවත්වනා වර්ගයේ නිවාස ලංකාව වැනි ගර්ම කලාපිය රටවලට සුදුසු නොවේ.