(බිඟුන් මේනක ගමගේ )
ජනමාධ්‍ය නියාමනයට ගෙනෙන කවර පනතකින් වුව ජනමාධ්‍ය නිදහස වැඩි කරනවා මිස අඩු කරන්නේ නැතැයි ස්වාධීන මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පත්කළ ඇමැති කමිටුවේ සාමාජික විශේෂ කාර්යභාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ගලගෙදර වල්පොලදී අද (12) පැවැසීය
හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයකු හැටියට තමා සිතන්නේ ද ජනමාධ්‍යට හොඳ නිදහසක් තිබිය යුතු බව යැයි ද ඒකපාක්ෂික වාර්තාකරණයෙහි නිරත නොවීමට ද ඊට වගකීමක් ඇති බව අවධානයට ගත යුතු යැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.
යම්කිසි කරුණක් ගැන මතවාද කීපයක් ඇති අවස්ථාවකදී ඒවා සියල්ලම ජනතාව හමුවට ඉදිරිපත් කිරීම ජනමාධ්‍ය භූමිකාව යැයි කී හෙතෙම එවිට නිවැරැදි කුමක්දැයි ජනතාව විනිශ්චය කරනු ඇතැයි ද වැඩිදුරටත් කීය.
COMMENTS
රජයේ ආයතන තුල ඒ නියාමනය හොදින් ක්‍රියාත්මක වන අතර පෞද්ගලික මාධ්‍යයන්ටද ඒ නියාමනය කොහොම හරි ගෙනියමු නේද ඇමති තුමෝ ...