IMG-LOGO

නිධන් හොරු වාරියපොල නුවරකන්ද විහාරයත් බිඳිති

 


 
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )

කුරුණෑගල වැහැර පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසකට ඊයේ (18) රාත්‍රියේ දී ඓතිහාසික වාරියපොල නුවරකන්ද විහාරයට අයත් පුරාවිද්‍යා රක්ෂිතය තුල නිධන් හාරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

ඔහු සතුව තිබී ගිනි අවි දෙකක්ද පොලිසිය විසින් සොයාගන්න ලදී. එම පුද්ගලයා මෙම විහාරස්ථානය අසල වත්තක මුර කරුවෙකු වේ. නිධන් හාරමින් සිටි තවත් කීපදෙනෙකු පැනගොස් ඇති අතර ඒ අතර ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිවරයෙකුද සිටින බවට පොලිසිය සැකකරයි. එම නිලධාරියාට අයත් බවට සැකකරන යතුරුපැදියක් සහ හැදුනුම්පත් දෙකක්ද තවත් යතුරුපැදියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. තවද එම ස්ථානයේ තිබී රාජ්‍ය ලකුණ සහිත ටී ෂර්ට් දෙකක් , පොලොව හෑරීමට සහ ගල් කැඩීමට යොදාගන්නා අයුධ ඇතුලු භාණ්ඩ තොගයක්ද පොලිසිය බාරයට ගෙන ඇත. පැනගිය පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි. 



අදහස් (3)

නිධන් හොරු වාරියපොල නුවරකන්ද විහාරයත් බිඳිති

Nishantha Sanath Perera Nalladarankattuwa. Saturday, 19 December 2020 05:30 AM

මේ යන ක්‍රමයට නිධන් හොරු නෙමෙයි, ගෙවල් බිඳින්නන්, මංකොල්ලකරුවන් බොහෝදෙනෙක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න වේවි.

:       0       0

kim Saturday, 19 December 2020 03:20 PM

අනේ අහිංසක ග්‍රාම නිලධාරියා ... රස්සාව නම් නැති කරන්න එපා... ආර්.එම්.වී නිලධාරින් මෙන් ඔහු වරදක් කර නැත.... ගහමු රිවර්ස් එකක්..

:       2       1

Jaga Sunday, 20 December 2020 02:41 AM

දැන් නිධන් හාරන්නට කුරුණෑගලට රාජ්‍ය අනුග්‍රහය ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 157 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 681 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site