IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නෑ

(අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද)                     

නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නැති බවට කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා තීරණය කළේය.


නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකුට එරෙහිව ගල්නෑව පොලිසිය කැකිරාව මහේස්ත්‍රත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක තීන්දුව ලබා දෙමින් විනිසුරු වීරවර්ධන මහාතා මෙම නියෝගය ලබා දී ඇත.
 
ඒ අනුව නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ ගල්නෑව කලංකුටිටිය අයි එම් අබේරත්න නැමැති සැකකරුට  එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. 
 
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට කිසිදු නීතිමය හැකියාවක් නැති බව පවසා සිටියේය.                                                         
එහෙත් පැමිණිලි  පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය පැවසුfව් සුරා බදු ආඥා පනත යටතේ නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් පවතින බවයි.                                                 
නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නැති බව තීරණය කළේය.                     
මෙම නඩු තීන්දුවට අනුව නීති විරෝධි මත්පැන් සන්තකයේ තබා ගත් බවට  කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය  හමුවේ චෝදනා ලබා සිටි ගල්නෑව කලංකුටිටිය චන්දනගම රංජිත් කුමාර හේරත් සහ එප්පාවල කටියාව යායා 10  සුනිල්  කරුනාරත්න  යන සැකකරුවන් දෙදෙනා ද  නිදහස් කර මුදා හැරීමට මහේස්ත්‍රාත් වීරවර්ධන මහතා නියෝග කළේය.



අදහස් (3)

නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නෑ

Perera Thursday, 01 March 2018 08:18 AM

අපරාද නඩු ආඥගා පනත යටතෙයි පොලිසියට නඩු පැවරිය හැකි නමුත් සුරාබදු පනත යටතේ නඩු පවරිය හැක්කේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණි.

:       0       52

Sunil Thursday, 01 March 2018 10:23 AM

එහෙමනම් ඉතින් නීති හදන්න නීති විරෝධී මත්පැන් නීති විරෝධී නම්!

:       1       1

rajeev Fernando Friday, 02 March 2018 04:46 AM

නීති විරෝධි මත්පැන් නීතිගත කරන්න ලයිසන් දෙන්න බැරි මොකද? එතකොට ලංකාවේ අරක්කු ලෝක වෙළදපොළටත් යනවා. හොඳ අදායමක් රජයටත් ලැබේවි. මිනිසසුන්ට හොද අරක්කුත් ලැබේවි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site