IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


නීති විරෝධීව අලි ඇතුන් 39ක් විකුණලා

විනීතා එම් ගමගේ

නීති විරෝධී ලෙස අලි ඇතුන් 39 දෙනෙක් ඉකුත් රජය සමයේ අලි රොෂාන් විසින් අල්ලා විකුණා ඇතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

ඔවුන් වෙනුවෙන් නඩු 17ක් පවරා ඇතැයි කී අමාත්‍යවරයා මේ 39 දෙනාට අමතරව තවත් අලි පස් දෙනෙක් පිළිබඳවද තොරතුරු සොයා ගත් බවත් ඒ පිළිබඳව නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවත් කියා සිටියේය.

එම අලි පස්දෙනා සන්නස්වලින් ලියා දී ඇතැයි කී අමාත්‍යවරයා එය නීත්‍යානුකූල කටයුත්තක් නොවන්නේ යැයි ද කීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රාජගිරියේ පිහිටි තිරසර සංවර්ධන වනජීවී හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ අද (7) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.

     ‘‘පසුගිය කාලයේ කාලේ අලි අල්ලලා ගෙනත් පන්සලක තියාගෙන විකුණපු ඒ ජාවාරම කළ අලි රොෂාන්. දැන් කවුරුත් එයා ගැන දන්නවා හරියට සරදියෙල් වගේ.

සන්නස්වලින් ලියල අලි දෙන්න බැහැ. ඒක නීත්‍යානුකූල නම් පහුගිය කාලේ උතුරෙන් අල්ලපු රත්තරන් කාට හරි සන්නසකින් ලියල දෙන්න තිබුණ නේ. එහෙම කළා කියල ඒව අයිති කරගන්න පුළුවන් ද?

මේ අලි හතර දෙනාගෙන් එක්කෙනෙක් කතරගම දේවාලයට දීල. භාර ගෙන තියෙන්නේ ශෂින්ද්‍ර රාජපක්ෂ. තව දෙන්නෙක් ගෝඨාභයට. එයින් එක්කෙනෙක් මේ හතර දෙනාගෙන් එක්කෙනෙක්. අනිකා සත්තුවත්තෙන් අරන්. මේ දෙන්නා ඡන්දයට දින දෙකකට පස්සේ කෑම්ප් එකට භාර දීලා. තව අලියෙක් ඉන්නවා හුංගම. එම අලියා අත්අඩංගුවට ගන්න ඊළඟ නඩු වාරයේදි අවසරය ලැබෙයි කියා හිතනවා.

අනෙක් අලි දෙන්නාගෙන් එක්කෙනෙක් හිටපු ජනාධිපති ගේ ආරක්ෂක නෙවිල් ලඟ. අනෙක් අලියා උපාලි දිසානායක කියල කෙනෙක් ලඟ. මේ අනවසර අලි තබා ගැනීම  වෙනුවෙන් උපරිම නීතිය ක‍්‍රියාත්මක කරනවා.

මේ අවුරුද්දේ ගතවූ මාස අට හමාරක කාලය තුළ අලි ඇතුන් 185 දෙනෙක් මිය ගිහින් තිබෙනවා. අලි මිනිස් ගැටුම නිසා මිනිසුන් 65 දෙනෙක් මිය ගිහින්. මේ මිය ගිය 185 දෙනා ගෙන් සිය දෙනෙක් මිය ගියේ පහුගිය ජනවාරි පෙබරවාරි මාර්තු මාසවල දී. අනෙක් පිරිස ඉන්පසුව මම අමාත්‍යංශය භාර ගත්තට පසුවයි.

ළඟදිම අපේ සේවක ප‍්‍රශ්නය විසඳන බැවින් අලි වැට අවසන් කර ගන්න බැරි වුණත් මේ පිරිසගෙන් අපට ප‍්‍රශ්නය බොහෝ දුරට විසඳ ගත හැකියි. අවුරුදු 35 ක් පැරණි අලි මිනිස් ගැටුමට නිසි පිළිතුරු හොයන්න අවුරුදු 75 ක් පරණ මේ වන ජීවී දෙපාර්තමේන්තුවට බැරි වුණා. අපි නීත්‍යානුකූල ක‍්‍රමයකටම මේ ප‍්‍රශ්නය විසඳනවා.‘‘යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.



අදහස් (9)

නීති විරෝධීව අලි ඇතුන් 39ක් විකුණලා

chathuri Friday, 07 September 2018 03:24 PM

අසරණ සතුන්ට මොන ක්‍රමයෙන් හරි සැපක් ලැබෙන වනම් හොඳයි. බොරුවට නීති තියා ගෙන අසරණයන් අපා දුක් විදින්නේ. . දම්වැල් දමාගෙන හිර කරගෙන තියා ගෙන ඉන්නේ , දුප්පත් රටක සතෙක් වෙලා ඉපදෙන්න ලොකු පවක් කරලා ඇති. ඉතින් ඒ සතුන්ට වද දෙන්න එපා.

:       31       43

GamageSaturday, 08 September 2018 02:35 AM

චතුරි මොනවද දොඩවන්නේ? පොහොසත් රටවල එළදෙනගෙන් පුළුවන් තරම් කිරි අරගෙන මරලා මස් කනවා. අපේ රටේ ජනගහනය වැඩිවෙනවා සතුන්ට ඉන්න තියෙන පරිසරය දවසින් දවස අඩුවෙනවා. මේකට විසඳුම එම සතුන්ට ඉන්න ඉතුරු භූමියෙවත් ඒ අයට නිදහසේ කන්න බොන්න පරිසරයක් සාදාදීමයි. වැටවල් ගැහුවට ඒ අයගේ අාහාර ප්‍රශ්නය විසඳෙන්නේ නැහැනේ. මේක ෆොන්සේකා මහත්තයා වගේ කෙනෙකුට තේරුම් ගන්න අපහසු නැහැ.

:       1       115

KamalSaturday, 08 September 2018 11:45 AM

පොහොසත් රටවල අය මේ රටට ඇවිත් විනෝදෙට වෙඩි තියලා ඇත්තු 2000ක් විතර මැරුවා... අලින්ගෙ දළ අන්තිමට යන්නේ ඔය පොහොසත් රටවලට තමයි.

:       0       11

පිටිගල මිලානෝ Saturday, 08 September 2018 01:18 AM

පන්සල, අලියා සහ බුද්ධාගම අතර සම්බන්ධයක් තිබේද? අලියන් පන්සල් භූමි තුල කකුල් තුවාල වෙනකල් දම්වැල් වලින් බැඳගෙන ඉන්නේ ඇයි? මෙය සත්ව හිංසනය නොවේද? පොඩි ළමයි මේවා දැක පව් අලියා කියන එක පන්සල අයිති අපේ හාමුදුරුවන්ට නොඇසෙන්නේ ඇයි?

:       170       110

BamunuarachchiSaturday, 08 September 2018 07:13 AM

හලෝ ඔහේ බුද්ධාගම් කාරයෙක්ද? උත්තරය ඔව් නම් ඔබ ඔබේ ආගම ගැන දන්නේ නැත. උත්තරය නැහැ නම් නොදන්න මගුල් කතා නොකර ඉන්න.. එක ඔබේ ඇඟට හොඳයි.

:       157       173

GihanSaturday, 08 September 2018 11:42 AM

දම්වැලෙන් බැඳ තිබෙන අලියා පේන අයට බොන්න වතුර පොදක් හොයාගෙන යනකොට මඩේ එරිලා මැරිච්ච අලි 9 දෙනා පේන්නේ නෑ. වගාවන්ට පැනලා මිනී මරල අන්තිමට වෙඩි කාල මැරෙන අලි පේන්නේ නෑ. කෝච්චියේ හැපිල මැරෙන අලි පේන්නේ නෑ. මොකද ඒක හාමුදුරුවන්ටයි, පන්සලටයි බනින්න අවස්ථාවක් නැති නිසා. ඒ වගේම ඔය පන්සලේ පෙරහැරේ යන අලියගේ දුක දකින අයට බත් පතේ මසට මැරුණු හරකා ගැන, වසු පැටියා ගැන, එළුවා කුකුලා ගැන දුක නෑ...

:       0       48

Bamunuarachchi Saturday, 08 September 2018 01:31 AM

නීතියානුකූලව අලි ඇතුන් විකුනන්න කාටද බලය තිබෙන්නේ.. එහෙනම් මිනිස්සුන්වත් විකුණන බලය තිබෙන්න එපාය. ඒගොල්ලෝ කැළයට අයිතීයි කැලය ඒගොල්ලන්ට අයිතීයි. අපට අයිති ඒගොල්ලෝ කැලයේ සිටින හැටි බලා රස විඳින එකයි. 1968 කාලයේ වැලිකන්ද ප්‍රදේශයේ ඉන්න කාලේ මමනම් ඒ රස වින්දා.

:       10       41

Bamunuarachchi Saturday, 08 September 2018 07:16 AM

ෆොන්සේකා ඔය ගමන් පැහැදිලි කරන්න නීත්‍යානුකූලව කැලේ අලි මිනිසුන්ට දෙන්න බලය තිබෙන්නේ කාටද කියලා...

:       10       24

tommy Saturday, 08 September 2018 11:34 AM

ලංකාවේ අලි මිනිස් ගැටුමට කල හැකි එක ප්‍රායෝගික පිළියමක් නම්, මේ වන අලින් අල්වා උන් ඇති කළ හැකි අයට ලබාදීමයි. මේ ලිපියේ සඳහන් කල ඇති අලින්, මෙලෙස හැකියාවක් ඇති අයට ඇති කිරීම ලබා නොදුන්නා නම්, බොහෝවිට මේ අලින් මේ වනවිට ගොවීන්ගේ වෙඩි පහරට ලක්වී මරුමුවට පත්වීමට ඉඩ තිබුණා. අද අලි, මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී කළ යුත්තේ නීතියේ එල්ලී සිටීම නොව, ප්‍රායෝගික විසඳුම් සෙවීමයි.

:       52       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1467 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1314 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site