IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නීතිවිරෝධී දුම්වැටි සමඟ 4ක් රේගුවේදී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

විදෙස් රටක නිෂ්පාදනය කරන ලද දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු අද (24) කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
 
රුපියල්  5,313,000 ක් වටිනා දුම්වැටි 96,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 483 ක් ඔවුන්ගේ ගමන්මලුවල සඟවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

 අත්අඩංගුවට ගත් පිරිස හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචි අඹුසැමියෝ වෙති.
 
 ඔවුන් ගෙනා දුම්වැටි අතර ඩුබායිහි නිෂ්පාදිත දුම්වැටි සහ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි ද තිබූ බව රේගු නිලධාරීහු පැවසූහ.

මොවුන්  නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් භාණ්ඩ රැගෙන එන්නන් බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත.



අදහස් (2)

නීතිවිරෝධී දුම්වැටි සමඟ 4ක් රේගුවේදී අත්අඩංගුවට

Bamunuarachchi Monday, 24 June 2019 11:48 PM

නිතර බඩු ගෙන එන්නේන්ම් මේ සැරේ වැරදුනේ කොහොමද? මොකද නොදන්නවාද සිගරට් ලංකාවට ගෙන යාම තහනම් බව.

:       0       0

Chanak los angeles Wednesday, 26 June 2019 04:18 AM

අම්මෝ ලොකු වීරකමක් කරලා. මේවා විතර වෙන්න ඇති හොර බඩු විදියට එනවා ඇත්තේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site