IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ආනයනය කළ පිරිසක් අත්අඩංගුවට

(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )

නීතිවිරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ,මුහුදු කූඩැල්ලන් 1480 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගිත්,ධීවර යාත්‍රා තුනක් සහ සැක කරුවන් 6දෙනෙකු කල්පිටිය විජය නාවුක හමුදා මුර සංචාරක යාත්‍රා මගින් 14 දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව වෙත භාර දී ඇත.සැකකරුවන් කල්පිටිය නගරයේ පදිංචිකරුවන් වෙති.ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ,

1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වන වගන්තියට අනුව,මෙම සැකකරුවන් බළපත් නීති කොන්දෙසි කඩ කර ඇති බව ය.ඉන්දීයන් ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමේ දී ඔවුන් මෙරටින් අල්ලා ගන්නා මුහුදු කූඩැල්ලන් සහ එරටේ මුහුදු කූඩැල්ලන්,කල්පිටියේ  ජාවාරම්කරුවන්ට අලවි කරන බව පරීක්ෂන පවත්වන පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ,ය.

ඉන්දියාවේ මුහුදු කූඩැල්ලන් අපනයනය තහනම් නිසා මෙරට ජාවාරම්කරුවන් යොදා ගනිමින් කලක සිට,ශ්‍රී ලංකාව ඔස්සේ විවිධ රටවලට අපනයන කෙරෙන බැව් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.අත් අඩංගුවට පත්,මුහුදු කූඩල්ලන් සහ සක කරුවන් කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.



අදහස් (0)

නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ආනයනය කළ පිරිසක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 641 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 532 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 437 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site