(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින නීතිය හා සාමය අමාත්‍යංශය ලබන සතියේදී වෙනත් අමාත්‍ය වරයකු යටතට පත් කෙරේ.
අම්පාර නගරය මුල් කරගැනීමෙන්ඇති වු සිද්ධියේදී අග්‍රාමාත්‍යවරයාට සිද්ධිය පාලනය කිරීමේ කටයුතු සඳහා දායක වීමට සිදු වු හෙයින් නව අමාත්‍යවරයා පත් කිරීමේ කටයුතු පමා වු බව සභා නායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
නීතිය හා සාමය අමාත්‍ය ධූරය එක්සත් ජාතික පක්ෂයට හිමි කැබිනට් අමාත්‍ය ධුරයක් වන අතර ඒ සඳහා නව අමාත්‍යවරයා දිවුරුම් දීම ලබන සතියේදී සිදු වන බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැවට ...කට්ටිය බෙදාගෙන වැටවල් ගහලත් අවසන් වගේ ??? අඩ අඩා මහජන ඡන්දයෙන් බලයට පැමිණි මේ මිනිසුන් දැන් රග දක්වන්නේ කිනම් නාට්‍යක්ද ????
කිරිඇල්ල කැමති කාටද දෙන්න හදන්නේ?
ලැජ්ජාවක් නොමැති හැටි....
ඇල්ල දිගේ ගලන කිරි කොහේ පිටාර ගැලුවත් ඔයා කලබල වෙන්න එපා මහත්තයෝ... අපි ඒක ඒජාපයට දෙනවාමයි. හැබැයි නම් ටිකක් සංශෝධනය කරලා. සාමය නැතිකිරීමේ හා නීතිය කැඩීමේ අමාත්‍යාංශය ඔබලාට නොදී වෙන කාට දෙන්නද? මුළු පාර්ලිමේන්තු ඉතිහාසයේම ඒ සඳහා ඔබගේ පක්ෂය තරම් සුදුසුකම් ලබපු වෙන පක්ෂයක් තිබේද?
සරත් ෆොන්සේකාට ඇමතිකම දීගන්නවත් අයිතියක් නැතුව දැන් ඉතින් කයිවාරු එපා. ඉස්සරහට දියවන්නාව පැත්තට යන්න වෙන්නේ වන්දනාවේ යන අතරමග විතරයි කියලා හොඳින් හිතේ තියා ගන්න.
අවනීතිය හා වයිරය පිළිබඳ ඇමති තනතුර තමයි මෙයාලට හොඳ. ඇත්තටම කියනවානම් මෙයාල රට පාලනය කිරීමට කිසිම මට්ටමකින්වත් සුදුසු නැත.
මෙවන් අඥාන පාලකයෝ නැවත නොඉපදේවා!
එතකොට තමයි හොරුන්, අපරාධකරුවන් ආරක්ෂා කරන්නත් පුළුවන්, තමන්ටත් හොරකම් කරන්නත් පුළුවන්.
මේෙ මේ අමාත්‍යංශ මේ මේ පක්ෂයට අයත් වන්නේ යයි කියන්නේ කුමන පදනමින්ද?උදාහරණයකට මෙය ජාතික ආණ්ඩුවක් නම්, වගකීම සම වශයෙන් පොදුනම්, බලවත් සහ දුබල අමාත්‍යංශ සමබරව බෙදා තිබෙනවාද? ආර්ථිකය රටේ කොඳු නාරටියනම් එය මත සියල්ල සිදුවේනම්, එක පක්ෂයක දර්ශනය මත ආර්ථිකය ජාතික ආණ්ඩුවකට හැසිරවිය හැකිද? දැන් සිදුව ඇත්තේ බහුතරය පවත්වාගෙන යමින් ආණ්ඩුව රක ගැනීම සඳහා පක්ෂ අමහ්ටිකම් දී එක් කරගෙන ඊට ජාතික ආණ්ඩුව යන හැඳින්වීම ගෙන තිබීම නොවේද?
නීතිය හා සාමය අනිවාර්ය නම සරත් ෆොන්සේකාට දිය යුතුයි.......
කොයි පක්ෂයේ උනත් පොදු මහජනයාට කමක් නැත. සියලු දෙනාට අවශ්‍ය දුෂණය හා වංචාවන් නැති රටක ජිවත් වීමේ අවශ්‍ය තාවය පමණි.
ඔව් ඒක ඕනිමයි. නැත්නම් ඉතින් කොහොමද ඔය සමහර කේස් වලින් යූඇන් පී කට්ටිය ලිස්සල යන්නේ.
නීතියට රටේ තැනක් නැතිනම්, නීතිය තමුන්ගේ උදවියට ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්. වැරදි කාරයින් නීතියෙන් ආරක්ෂා කරනවා නම් ඔය කෙහෙල්මල මොන පක්ෂෙට ගියත් මොකද? හරි නම් පක්ෂයක් නැති කෙනෙකුටයි ඔය අමාත්‍යාංශය දෙන්න ඕනි? නො සෑර්, නො සෑර්, යේස් සෑර්, වී විල් නොට් ඇරෙස්ට් හිම් සෑර් කියාලා කිව්වේ මොන පක්ෂේ එක්කෙනේකුටද ඇමති තුමා ?
මටනම් කියන්න තියෙන්නේ මොනා කිවූවත් මේ දේශපාලනය නිසා මේ රට ගොඩ ගන්න අමාරු මේ අය තනතුරු වලට පොරකනවා රටට ජනතාවට වැඩක් නෑ