IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නීතිපති කොටුව මහේස්ත්‍රාත්වරියට බලපෑම් කරන බව ඇලෝසියස්ගේ නීතීඥවරයා කියයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් කරුණු  මත පදනම් වෙමින් නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත්වරියගේ මනසට බලපෑම් කරමින් දිගින් දිගටම පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන  රිමාන්ඩ් බාරයේ තබා ගෙන සිටින බව ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අද (29) ⁣අභියාචනාධිකරණය හමුවේ පැවසීය.
 
අධිකරණය හමුවේ නොපිළිගන්නා බැදුම්කර ජනාධිපති කොමිසමේ වාර්තා පදනම් කරගනිමින් මෙලෙස කටයුතු කිරීම නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින හෙතෙම වැඩිදුරටත් කීය.
 
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද (29) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී හෙතෙම මේ බව කීය.
 
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරෙස්න මහතා සහ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා හමුවේ කැඳවිණි.

පෙත්සම්කාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ එම කරුණු ප්‍රතික්ෂේප කළ නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ තමන් එම චෝදනා නොපිළි ගන්නා බවත් , එම කරුණ සම්බන්ධයෙන් තමන්ට දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට කල් ලබා දෙන ලෙසය.
 
ඒ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන මැයි 18 කල් තබන ලදී.
 
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇති අතර පෙත්සම්කරුවන් සිය පෙත්සෙමන්  කියා සිටින්නේ, මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇති තමන්ට ඇප ලබා දීම පොදු දේපළ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. 
 
එහෙත් රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව අධිකරණයට වාර්තාකර ඇති කරුණු අනුව පොදු දේපළ පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බව පෙත්සම්කරුවන් කියා සිටියි. එම නිසා පොදු දේපල පනත යටතේ තමන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය දූෂිත බව ද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.



අදහස් (2)

නීතිපති කොටුව මහේස්ත්‍රාත්වරියට බලපෑම් කරන බව ඇලෝසියස්ගේ නීතීඥවරයා කියයි

සතයපාල Thursday, 29 March 2018 12:48 PM

මේකනේ දැන් අලුත්ම මෝස්තරේ. දූෂිතයෝ අපරාධකාරයෝ අනිත් මිනිස්සුන්ට චෝදනා කරනවා දූෂිතයෝ අපරාධකාරයො කියලා.

:       0       3

kumara Thursday, 29 March 2018 03:29 PM

අපේ සල්ලි හොරකම් කරලා දැන් අහිංසක වන්න හදනවා

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site