IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නීතිපතිට-සීඅයිඩීයට නොතීසි

( තිළිණි ද සිල්වා )
 
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමා ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය  අද ( 06)  නොතීසි නිකුත් කෙරිණි.
 
පාස්කු ඉරුදින සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඇප මත මුදා හරින ලෙස නියෝග කරන අතුරු නියෝගයක් නිකුත් කිරීමද අභියාචනාධිකරණය අද  ප්‍රතික්ෂේප කළේය.
 
 පෙත්සම් පිළිබඳ කරුණු ලබන 26 වැනිදා විභාගයට ගැනීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.
 
තමන්ට ඇප නියම කරමින් දෙන ලද මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝගය අවලංගු කරමින් මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙසත් , රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු ගොනු කළ පෙත්සම් අද ( 06)  අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.
 
මෙම පෙත්සම් කුමුදුනී වික‍්‍රමසිංහ සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
 
 ප‍්‍රතිශෝධන පෙත්සම් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ තම සේවාදායකයා වෙනුවෙන් ඇප ලබා දෙමින් මහේස්ත‍්‍රාත් අධිකරණය දුන් නියෝගය නිවැරදි වන බවය.
 
එසේ තිබියදී තම සේවාදායකයාට දිගින් දිගටම ඇප ලබා නොදෙමින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වරදක් යැයිද ජනාධිපති නීතීඥ ගාමිණී මාරපාන මහතා අධිකරණයට දැන්වීය.
 
 නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේය පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ඇප ලබා දෙමින් ලබා දුන් මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝගය දෝෂ සහිත එකක් වන බවය.
 
එසේම පෙත්සම්කරුවන්ට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හැර එය ඇප ලබා දිය නොහැකි කරුණක් වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
 
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඇප මත මුදා හරින ලෙස නියෝග කරන අතුරු නියෝගයක් නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළේය.
 
ප‍්‍රතිශෝධන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ලබන 26 වැනිදා අභියචානධිකරණයේ පෙනී සිටින ලෙසටද නොතීසි නිකුත් කළ අතර පෙත්සම් එදිනට විභාගයට ගැනීමටද නියම  කෙරිණි.



අදහස් (2)

නීතිපතිට-සීඅයිඩීයට නොතීසි

Mahee Wednesday, 06 November 2019 12:32 PM

අලුත් නීතිපතිතුමා මේ නඩුව මොවුන්ට අප ලබා දුන් මහේස්ත්‍රාත් උසාවියෙන් වෙන විනිසුරුවරයෙකුට මාරු කරන්න කියලා ඉල්ලුවේ නිකම්ම විය නොහැකියිනේ. මට මතක් වෙනවා රන්ජන් කියපු දේ...

:       0       1

Kumar Wednesday, 06 November 2019 04:36 PM

මේ බොරු නඩුවේ චුදිතයෝ නිදහස් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 28 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 707 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site