( තිළිණි ද සිල්වා )
නීතිඥවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අගවිනිසුරු පුමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාව සාමාජිකයන් ගනු ලැබූ තීරණය අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නිකුත් කරනු ලැබ ඇත.
ඒ අනුව, නීතිඥවරියන් සුදු , කළු, අලු හෝ රත්නිල් පැහැති සාරිය සහ හැට්ටය හෝ දණහිස මට්ටමට පහළ සුදු, කළු, අලු හෝ රත්නිල් පැහැති ගවුම හෝ කබාය නම් කර තිබේ.
එමෙන්ම වළලුකර දක්වා දිගු කළු කලිසම හා උස් කර සහිත අත්දිග සුදු කමිසය සහ කළු ලෝගුව පෙන්වා දී තිබේ.
මේ අතර, ගර්භනී ඇඳුම ලෙස සුදු අත්දිග කමිසය සමඟ දණහිස් මට්ටමට පහල උස් කර සහිත කළු ගවුම සහ කළු කබාය හෝ කළු ලෝගුව සමඟ ඉහත දැක්වු නිවැරදි වර්ණයන්ගෙන් හෙබි සාරිය සහ හැට්ටය හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන් කල ඉල්ලීමකට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු ,එහි සාමාජිකයන් වන ඊවා වනසුන්දර , බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෘ යන විනිසුරුවරුන් මෙම තීරණය අනුමත කරන ලදී.
COMMENTS
ඉතා හොඳයි...... ප්‍රායෝගිකයි
ඉතාමත්ම හොඳ ප්‍රායෝගික වෙනසක්. ගුරු සේවයටත් මේ වගේ දෙයක් කලොත් යහපත් වේ යැයි සිතමි.
ඇඳුමක් අඳින්නේ විලිවහගන්න නමුත් ලංකාවේ ලැජ්ජාව තියන හෝ දාන්න නීතිය විකුණන කෙනෙක් ඉන්නවාද?
පැරකුම් මහත්තයා මම මේ ගුරුසේවය ගැන කියන්න මය මේ ලිපිය බැලුවේ. සාරි පැය ගානක් මදින්න, පැය ගානක් අඳින්න, ව්යදම, කාලය , ලයිට් බිල්, අපහසුව, මේවා තමයි අපිව තුන්වෙනි ලෝකයේ පතුළටම අරන් යන්නේ...
පල් හොරුන්ට මොනවා අැන්දුවත් පල් හොරුම තමයි .
ගුරුවරියන් අනෙක් අයට වඩා සංවරව අඳින්න ඕනේ බව දන්නවා. කවුරුත් කරදර වෙන්න ඕනේ නැහැ. එයාලා දන්නවා අඳින හැටි. ලංකාවේ කාන්තාවෝ වැඩි පිරිසක් දැන් ඕනෙවට වඩා පෙන්නන ඇඳුම් අඳින්නේ. ගුරුවරියොත් එම තත්වෙටම පහල වැටෙන්න ඕනේ නැහැ.
ඇඳුම මාරු කරන්න පුදුම උනන්දුවක්, ඔය ගොඩ ගැහෙන නඩු ඉක්මන් කරන්න ඔය උවමනාව නැහැ.