IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නාඩු හාල් කිලෝ 17,000ක් රාජසන්තක කරයි

(තරිඳු ජයවර්ධන)

පාරිභෝගිකයන්ට නොවිකුණා සඟවා තබාගත් නාඩු සහල් කිලෝ 17,150ක් රාජසන්තක කරන ලෙස නියෝග කළ මලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා එම සහල් තොගය සඟවාගෙන සිටි වෙළෙද ආයතනයට රුපියල් 12,000ක දඩ නියම කළේය.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පාරිභෝගිකයන් ලෙස ගොස් සහල් ඉල්ලා සිටි බවත්, එම අවස්ථාවේ නාඩු සහල් නැති බව දැන්වූ බවත්, පසුව තම අනන්‍යතාවය හෙළි කර පරීක්ෂා කරද්දී කිලෝ 25 බැගින් වූ නාඩු සහල් ගෝනි 686ක් තිබූ බවත් පාරිභෝගික අධිකාරිය  වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා අධිකරණයට දැන්වීය.

වෙළඳ ආයතනය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි එහි කළමනාකාරවරයකු වරද පිළිගත්තේය.

2003 අංක නවය දරණ පාරිභෝගික සේවා පනත අනුව මෙම සහල් තොගය රාජසන්තක කරන නියෝගයක් ලබා දෙන ලෙසත්, රාජසන්තක කරන සහල් විකුණා එම මුදල පාරිභෝගික සේවා අධිකාරියේ අරමුදලට බැර කිරීමට අවසර දෙන ලෙසත් නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව සහල් තොගය රාජසන්තක කරන ලෙස නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම සහල් විකුණා ලැබෙන මුදල පාරිභෝගික සේවා අධිකාරියේ අරමුදලට බැර කිරීමට ද අවසර ලබා දුන්නේය.



අදහස් (0)

නාඩු හාල් කිලෝ 17,000ක් රාජසන්තක කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site