IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දළ පූට්ටුවා මැරූ අයට උපරිම දඬුවම් - වනජීවී ඇමැති

(ඩයනා උදයංගනී)
 
ජාතික සම්පතක් වූ  ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතනය කළ අය හා ඊට සහය දුන් අයට විරුද්ධව තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව බුද්ධශාසන, වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
 
වලාන දූෂණ මර්දන ඒකකය විසින් සොයාගත් මෙම ඇතාගේ දළවල ලේ තැවරී තිබීමෙන් ඇතා ඝාතනය කර දළ ලබාගත් බව තහවුරු වී ඇතැයි කී අමාත්‍යවරයා ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බව ද කීවේය.
 
ඉදිරියේදී වනාන්තරවල සිටින ඇතුන් ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන් පිළිබඳ තොරතුරු සංඥා ලබාගත හැකි කරපටි පැළඳවීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
මුහුදු මාර්ගයෙන් මෙරට ඇතුන් පිටරට ගෙනයාමේ ජාවාරමක් පිළිබඳව ද සැක මතු වී ඇතැයි කී අමාත්‍යවරයා ත්‍රිකුණාමලය මුහුදේ ගසාගෙන යමින් සිටි අලින් දෙදෙනෙකු විටින් විට හමුවීම හා කතරගම, උඩවලව යන ප්‍රදේශවල ගැට ගසාගෙන සිටි අලි පැටවුන් දෙදෙනෙකු හමුවීම නිසා මෙම සැකය මතු වූ බව ද කීවේය.



අදහස් (12)

දළ පූට්ටුවා මැරූ අයට උපරිම දඬුවම් - වනජීවී ඇමැති

Sampath Wednesday, 29 November 2017 01:16 PM

ලංකාවේ නොකරන හොරකමක් නෑ. සතා සිවුපාවා හරි විකුණන් ජිවත් වෙනවා. සතෙක් මනුස්සයෙක් වෙන්න කල්ප ගානක් ගියත් මිනිස්සුන්ට සතෙක් වෙන්න මොහොතයි යන්නේ.

:       41       1265

RaveendraWednesday, 29 November 2017 04:39 PM

සම්පත් මයවෙත, ඔබගේ වටිනා අදහස් අද සමාජයට ඉතාමත්ම හොදින් ගැලපෙන බව සදහන් කරමි.

:       0       0

Sirinimal Wednesday, 29 November 2017 01:49 PM

පරිසරවේදීන් බොහෝ කලකට පෙර මෙම කරපටි පිලිබඳව කියාතිබුනත් කිසිම සැලකිල්ලක් බලදාරීන්ගෙන් සිදුනොවීම කණගාටුදායක සිදුවීමට හේතුවයි. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසාදැමීම, අපේ සම්ප්‍රදාය බව අමතක නොකරන්න.

:       0       198

sudarma Wednesday, 29 November 2017 02:02 PM

කරුණාකර මෙවන් සිද්ධින් දැඩි දඩුවම් පමුණුවා ආදර්ශයක් දෙන්න. ළගදීම ලංකාව අලි ඇතුන්ගෙන් තොර රටක්වෙයි.

:       0       37

Mahesh Wednesday, 29 November 2017 04:46 PM

සත්තුන්ට මෙ අපරාධ කරන අයට උපරිම දඩුවම් ලබා දිය යුතුයි. එවගේම රටේ ස්වාභාවික පරිසරය විනාශ කරන දෙස්පාලුවන්ට හා බලය වෙනුවෙන් එවා බලා සිටින දෙස්පාලු නායකයන්ට දෙන දඩුවමත් හිතන්න ඔනේ.

:       0       0

Sanjeewa Wednesday, 29 November 2017 06:09 PM

අදත් කරුවලගස්වැව ඇතෙක් මරලා.මෙයා දන්නේ නෑලූ මාද්‍ය කියනකන්. මොකටද මෙහෙම ඇමතිලා මහජන මුදලින් නඩත්තු කරන්නේ.ලැජ්ජයි යහපාලනය.

:       0       35

kavantissa Wednesday, 29 November 2017 06:40 PM

ඉස්සර වෙලා හොරු අල්ලගන්ඩ. ඊට පස්සේ කයිවාරු කතාකෙරුවට කමක් නෑ.

:       0       0

ලුම්බිණි Thursday, 30 November 2017 01:28 AM

අමනුෂ්‍ය වැඩ කරන මිනිසුන්ට දඬුවම් දිය යුත්තේ අනෙක් අයටත් පාඩමක් වෙන විදියටයි.

:       0       0

naradha Thursday, 30 November 2017 01:57 AM

වනාන්තරවල සිටින සියලු අලි ඇතුන්ට කරපටි පැළඳවීම ප්‍රයෝගික ක්‍රියාවක් නොවිය හැකියි. කෙසේ වෙතත්, ඈත ගම් වලට වැද මිනිසුන්ට හිරිහැර කරන අලි ඇතුන් අල්වා පිට රටවලට යැවීමේ වැරද්දක් මා දකින්නේ නැහැ.

:       0       0

sarath Thursday, 30 November 2017 02:56 AM

දන්නා තරමින් ඇමති තුමා සතුන්ට හරි ආදරෙයි.කරුණා කර මේ සතුන් ටික ආරක්ෂා කරදෙන්න.අපි දැනටමත් නිදහසෙන් පසු මේ රටේ පරිසරයට කරලා තියෙන හානිය අපේ මුතුන් මිත්තන් හිතකින් වත් නොහිතපු දේවල් වෙන්න ඕනේ.දුක හිතෙන ම දේ තමයි සතා වලදාළ තියෙන්නේ " අභය භූමියක " .අභයභූමි සංකල්පය ලෝකෙටම දුන්නු අපේ රටේ සතෙකුට අභය භුමිය තුළම හිංසා විඳලා මැරෙන්න වීම හරිම කනගාටුදායකයි . මිනිස්සුන්ගේ ආකල්ප හදන්න රටේ නායකයින් ගේ ආකල්ප හොඳ වියයුතුයි

:       0       0

pitigala Thursday, 30 November 2017 02:57 AM

හපොයි.! අපේ පරිසර ඇමති තුමා වනාන්තර ටික රකිනවා,වන ජීවී ඇමති තුමා වන සතුන් ටික රකිනවා. ඊ ළඟ ආණ්ඩුවට රකින්න දෙයක් ඉතුරු නොකරම රකිනවා. තව හුඟක් දේවල් හිතට එනවා. ලියන්නේ නැහැ. ලිව්වොත් මේ පොස්ට් එක පල වෙන්නේ නැහැ.

:       0       0

Bamunuarachchi Friday, 01 December 2017 02:35 AM

මෙහෙම අදහසුත් තියනවා. "ඒ අතරවාරයේ තබ්බෝව අභය භූමියේදී තවත් දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඒ ගැන පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කරන විටත් වනජීවිය භාර ඇමැතිවරයා දැන සිටියේ නැත. දේශපාලනඥයන්ගේ නොදන්නාකම ගැන අපට අවබෝධයක්‌ තිබෙන නිසා ඒ ගැන අප කිසිවක්‌ කියන්නේ නැත. එහෙත් අදාළ ඇමැතිවරයා දැනුම්වත් නොකළ "නිලධාරී පැළැන්තිය" මේ රටේ සතා සීපාවා, වනාන්තරය රකින්නේ කොහොමද කියන ගැටලුව අප ඉදිරියේ තිබේ. අපට කියන්නට තිබෙන්නේ ඇතුන්ගේ "දළ" ගලවන්නට පෙර මෙවැනි නිලධාරීන්ගේ "දත්" ගලවා දැමීම සුදුසු බවය. එයට ඊට දත් දොස්‌තරලා වුවමනා නැත. සතා සීපාවා ගැන ආදරයෙන් හිතන වනාන්තර රකින්නට උනන්දු වන හයේ හතරේ තරුණ පිරිසක්‌ සිටීම ප්‍රමාණවත්ය."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site