(උපාලි ආනන්ද)
අධිකරණය බාරයේ ඇති ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත්දළ යුගල සහ ගජමුතු වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන යාමට අවසර දෙන්නැයි ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීම මහව අතිරේක දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් රසික මල්ලවාරචිචි මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.
අධිකරණය ලබාදුන් නියෝගයට අනුව ඇත් දළ යුගල සහ ගජමුතු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකර අදාල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරිමට තමන් සුදානම් බව සත්ව උද‍්‍යාන අධ්‍යක්ෂකවරයා පැවසීය.
තාක්ෂණික උපකරණ අධිකරණයට රැගෙන ඒමට අපහසු නිසාත් ඇත්දළ යුගල සහ ගජමුතු සම්බන්ධයෙන් අදාල පරික්ෂණ කටයුතු අධිකරණය තුළ සිදු කිරීමට නොහැකි බවයි.
ඇත්දළ යුගල සහ ගජමුතු කොළඔට රැගෙන ගොස් තක්සේරු වාර්තාවක් ලබාගැනීම සඳහා ඒවා තක්සේරු දෙපාර්තමේන්තුවට බාරදිය යුතු බවත් අධ්‍යක්ෂවරයා තවදුරටත් අධිකරණයට දැන්වීය.
මේ සම්බන්ධයෙන් විමර්ශන දෙසැම්බර් 12 වැනි දා සිට රහස් පොලිසිය බාර ගැනීමට සූදානම් බවත් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබාදෙන ලෙසත් රහස් පොලිසිය මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
ගරු මහේත්‍රාත්තුමනි, මේකට ඉඩ දෙන්න එපා මොකද, අපේ රටේ ඉන්නේ ලෝක හොරු මුදලට යට වෙලා ඕනෑම ජරා වැඩක් කරන ජාතියේ අය තමයි ඉන්නේ... අවසානයේ මේ ඇත් දළ යුගල අතුරුදහන් වෙන්නත් පුළුවනි. ඕන පරික්ෂණයක් කරන්න. අධිකරණය බාරයේ තක්සේරු කරන්න කොළඹ ගෙන යන්නම ඕනද? හැම තැනම රජයට අයත් තක්සේරුකරුවන් ඉන්නවා. ඇත් දළයක් දුටු පමණින් හඳුනා ගන්න බැරි සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකතුමනි, ඔය තනතුර දෙන්න ඔබලාගේ ඉන්න අලි බලන අයකුට...
පරිස්සමින් .....
අල්ලගන්න කුඩු පරීක්ෂණ වලදී පාන්පිටි වෙනවා වගේ හෙට අනිද්දම මේ දල , ගජමුතුත් ප්ලාස්ටික් වලින් හදපු ව්‍යාජ ඒවා කියල කිවොත් පුදුම වෙන්න දෙයක් නෑ
දල පුට්ටුවෝ ඉන්නේ ගල්ගමුවේ. වලිගෙ පෑගුන අලි ඉන්නේ දියවන්නාවේ.
අධ්‍යක්ෂකතුමා තක්සේරු කරන්න දෙයක් නෑ......ජන පරීක්ෂණයක් කරලා තහවුරු කරගන්න මේක දල පුට්ට්ටුවගේමද කියල මේ දල යුගලය දළදා මාලිගාවට පුජා කරන්න අපරාද අනෙක වටිනාකම තක්සේරු කරන්නේ කොහොමද මේවා වෙළදපොලේ ලබාගත් නොහෙකි දෙයක් නිසා මට නොතේරෙන නිසි අහන්නේ අනෙක මේ වගේ දේක වටිනාකම අසීමිතයි... මුල්‍යමය වටිනාකමක් දෙන්න බෑ නේද?
දෙන්ඩ එපා නඩුකාරතුමනි.මොකක් හරි වෙට්ටුවක් දාන්ඩයි හදන්නේ .ගින්න නිමුනට පස්සේ පන්නන්න හදන්නේ .දේශපාලුවෙක් ඇති යට.