(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු වැසි හේතුවෙන් රත්නපුර, නුවරඑළිය සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ බෑවුම් සහිත ප‍්‍රදේශවල මෙම නායයෑමේ අවදානම පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (17) නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.
ඉහත ප‍්‍රදේශවල කඳුකර බෑවුම් ආශි‍්‍රතව සහ නායයෑමේ හැකියාවන් ඇති ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප‍්‍රදේශයන්හි පදිංචි වී සිටින්නන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මේ අතර පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දිනවලදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව පළාත්වලත්, කළුතර දිස්ත‍්‍රික්කයෙත් විටින් විටගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
වයඹ සහ දකුණු පළාත්වලත්, කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ඔහු ප‍්‍රකාශ කළේය.
එමෙන්ම මධ්‍යම, වයඹ, උතුරු මැද, නැගෙනහිර, දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් විටින් විට පැයට කිලෝ මීටර 50 - 60 පමණ දක්වා තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 දක්වා වැඩිවිය හැකි අතර, සෙසු මුහුදු ප‍්‍රදේශවල ද සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 දක්වා වැඩි වන අතර එවිට එම මුහුදු ප‍්‍රදේශ තරමක් රළු විය හැකි බව එම ප‍්‍රකාශකයා කීවේය.
එබැවින් ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
584
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානමක්