(රේඛා තරංගනී ෆොන්සේකා)
‘‘ආබාධිත බව ප්‍රශ්නයක් කර නොගෙන උපාධිය ගත්තු අපි රස්සාවක් නැතිව විඳින දුක දැකලා අපට අනුකම්පාව එපා සහයෝගය ලබා දෙන්න‘‘ යැයි රැකියා විරහිත දෘෂ්‍යාබාධිත උපාධිධාරි එකමුතුවේ සංවිධායක රංග ප්‍රියදර්ශන මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ ශ්‍රි ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩල මොරටුව ශාලාවේ අද(12) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
සියයට අටයි දශම අටක අභාධිත පිරිසක් ලංකාව පුරා ජීවත්වන බවත් උපාධිය ලබා රැකියා ඉල්ලුම් කළද රාජ්‍ය ආයතනවලින් විසඳුමක් නොලැබෙන බවත් ඔහු පැවසීය.
රැකියාවක් නොමැති හෙයින් ස්වයං රැකියාවක නිරතවීමේ අරමුණින් ණයක් ලබා ගැනීමට රාජ්‍ය බැංකුවට යන ආබාධිත පිරිස් උසුළු විසුළු සමග ප්‍රතික්ෂේප වන තත්වයක් තිබෙන බව සඳහන් කළ රංග ප්‍රියදර්ශන මහතා සියයට 3 රාජ්‍ය රැකියා ලබා දීමේ ක්‍රියාවලිය දිගින් දිගටම කප්පාදු වන බවද වැඩිදුරටත් පැවසීය.
මෙහිදි අදහස් දක්වමින් රැකියා විරහිත දෘෂ්‍යාභාධිත උපාධිධාරි එකමුතුවේ සභාපති එච්. ලාල් පුෂ්පකුමාර මහතා රාජ්‍ය කොමිසම හමුවට ගිය දෘෂ්‍යාභාධිත තමාට ගුරු වෘත්තියේ නියැලීමට කළුලෑල්ල බාධාවක් බව එහි නිලධාරින් අඩුපාඩුවක් ලෙස දැක් වු බවත් ස්මාර්ට් ටැබ්වලින් අකුරු කරන දරුවන් සිටින ලෝකයේ කළුලෑලි යුගය බාධාවක් කරගැනීම විහිළුවක් බවත් පැවසීය.
COMMENTS
මේක අපේ රටේ ඉන්න ලොක්කන්ගේ හැටි. නොකෙරෙන පැත්තටම තමයි කතාකරන්නේ. මේ වගේ අහිංසකයන්ට අවශ්‍ය පහසුකම් දීල මොනවා හරි රැකියාවක් දෙන්නම ඕනෙනේ. ඇස් නොපෙනී උපාධියක් ගන්න පුළුවන් කෙනෙකුට, මොනතරම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙද. මේ තරුණ ශක්තියෙන් වැඩක් ගන්න රජය දැනගන්න ඕනේ. අනතුරකින් කකුල අහිමි වූණු මල්ලි කෙනෙකුට වීසා ගන්න පෙර තියෙන පරීක්ෂණයෙන් අසමත් කරලා ඔහුට කකුලක් නැහැ කියල. ඔහු විදේශයක රැකියාවක් කරපු කෙනෙක්. පසුව විසිට් විසා එකක් අරගෙන ඒ රටට ගිහිල්ල රැකියාවක් සොයා ගත්තා. කම්කරු නොවන රැකියාවක් කරන්න බොරු කකුලක් දමපු කෙනෙකුට බැරිකම නැහැනේ. ඕක තමයි අපේ රටේ තත්වේ.