( චමිල් රූපසිංහ)
රටේ පවතින වාතාවරණය තවමත් සම්පූර්ණයෙන්ම යහපත් අතට පත්ව නොමැති බැවින් දෙවන පාසැල් වාරය ආරම්භ කිරීම තවත් සතියකින් ප්‍රමණ ප්‍රමාද කිරීම කාලෝචිත බවත් නිසි පරිදි ආරක්ෂාව තහවුරුවූ පසු සියලු පාසැල් එකම දිනක ආරම්භ කිරීම වඩා සුදුසු බවත් ජනපති, අගමැති ප්‍රමුඛ වගකිව යුතු බලධාරීන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුව තිබෙන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.
‘සිංහලේ අපි සංවිධානයේ‘ හා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ සාමාජික පිරිසක් අද (05) මල්වතු මහ විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහනාහිමියෝ මේබව පැවසූ අතර අස්ගිරි මහනාහිමියෝ විශේෂ මාධ්‍යය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ජනපති.අගමැති,කැබිනට් මණ්ඩලය හා ආරක්ෂක මණ්ඩලය එක්ව සාකච්ඡා කර රටේ ආරක්ෂාව සම්බන්ධව ජනතාවට නිශ්චිත ප්‍රකාශයක් කළ යුතුව තිබෙන බවත් රටේ ආරක්ෂාව නිශ්චිතව තහවුරු වන තුරු පාසැල් විවෘත කිරීම තවත් සතියකින් පමණ ප්‍රමාද කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුව තිබෙන බව පැවසූහ.
අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ ප්‍රකාසයක් කරමින් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකීමේදී පාසැල් විවෘත කිරීමට උචිත තත්ත්වයක් පෙනෙන්නට නොමැති බව ත් පාසැල් වලින් කොටසක් විවෘත කර තවත් කොටසක් වසා තැබීම තුළින් ගම්‍ය වන්නේ ආරක්ෂාව සම්බන්ධව ගැටලුවක් පවතින බව යැයිද ආරක්ෂාව නිශ්චිතව තහවුරුවූ පසු සියලු පාසැල් එකවර විවෘත කිරීම වඩා යෝග්‍යය බවද පැවසූහ.
දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද දෙවන පාසැල් වාරය හෙට (06) දින ආරම්භ කිරීම සම්බන්ධව පැහැදීමක් නොමැති බවත් මේ සම්බන්ධව රජයේ අවධානය යොමු විය යුතුව තිබෙන බවද අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියනු ප්‍රකාශ කළහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දෙවැනි පාසල් වාරය තවත් සතියකින් ප්‍රමාද කරන්න
Asanka Sunday, 05 May 2019 02:04 PM
බයවෙන්න එපා හාමුදුරුවනේ සැම දරුවෙකුටම ලක්ෂයක රක්ෂණයක් දෙනවා කීවා අකිල ඇමතිතුමා.
ගල්කටස් Sunday, 05 May 2019 02:13 PM
මේ ආණ්ඩුව භික්ෂූන් වහන්සෙලාට කන් දෙන්නෙ නැහැ කියලා දන්නැද්ද ඔබ වහන්සෙලා? ඒ අයගේ දරුවන් වැඩිහරියක් ඉගෙන ගන්නෙ පිටරට වලනෙ. අනිත් අයට දරුවො ඉන්න එපැයැ දුක දැනෙන්න. ඕකත් ජාත්‍යන්තරයෙන් අහලා කරන්නෙ ඒකයි ප්‍රශ්නය.
athuraMonday, 06 May 2019 03:46 AM
මේ ආණ්ඩුව විතරක් නෙමෙයි හිටපු ආණ්ඩුත් එන්න හිතාගෙන ඉන්න ආණ්ඩුත් ඔක්කොම භික්ෂුව යොදාගන්නෙ තමන්ට බලය ගන්න විතරයි
රාහුල හිමිMonday, 06 May 2019 04:02 AM
හාමුදුරුවරු කියනදේ නොපිළිගන්නේ ඇයි කියන කාරණාව විමසිය යුතුයි. 1. භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන ගැතිබව 2. රට ලෝකය පිළිබඳ දැනුම අල්ප වීම. 3. භාෂාන්තර දැනුම නොමැති බව. 3.ඉවසීම හා සංයමය මදබව. 4. දුරදිග බලා වගකීමෙන් හා අවස්ථාවෝචිතව කතාකිරීමට නොදත් බව. මේ සියලු අඩුපාඩුවලින් තොර ගුණනැණ දෙකින් පිරි භික්ෂූන් වහන්සේලා ලක්දිව බොහෝ වැඩ සිටියද උන්වහන්සේලා කරලියේ නැත. අප උන්වහන්සේලා සොයා යා යුතුය. මම ද භික්ෂුවක් වුවද අගරදගුරුතුමන්ගේ ආදර්ශවත් චරිතය සැබෑ බුද්ධශ්‍රාවක චරිතයක් සේ අගයමි...
wimal Sunday, 05 May 2019 02:28 PM
අවදානම එසේමය. දෙමාපියන් පන්සියයක් සහ සිසු බටයින් පනහක් බැගින් සිටියත් සිසුන් බසයට නගින වෙලාවට පාරේ ඒක රාශි වන වෙලාවට ආරක්ෂාව සැපයීම ඉතාම අසීරුය. මේ වෙලාවේ බොහොම ආරක්ෂාවයි ගෙදරම සිටිම නම්. ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නැත්නම් ප්‍රභුවරුන්ටත් සැහැල්ලුවෙන් යා හැකි විය යුතුයි.
Cisco Sunday, 05 May 2019 02:51 PM
අපේ මහනායක හාමුදුරුවරු කියන දේ මේ චණ්ඩිස්ලා පිළිගනීවිද?
Jehaan Sunday, 05 May 2019 07:44 PM
අවසර ඔබ වහන්සේලා දැන්ද රටේ ආරක්ෂාව ගැන කතා කරන්නේ ? පාසල් ගැන කතා කරන්න කලින් නරකද රට පුරා පන්සල් වල ආරක්ෂාව ගැන සොයා බැලුවොත් ? ඒවාට එන අහිංසක දායකයන්ට අනතුරක් වුනොත් තමන්ගේ දාන වේලටත් ප්‍රශ්නයක් කියලා හිතලාවත් මීට වඩා ශාසනාලයෙන් කටයුතු කරන්න. රටේ සැම පන්සලකම අනාරක්ෂිත වෙලා තිබෙද්දී මල්වත්තයි අස්ගිරියයි විතරක් බේරුනාම ඇති. ආගමික නායකයන් හැටියට මීට වැඩිය වගකීමකින් රටේ ප්‍රශ්න වලදී කටයුතු කරන්න ඕන නේද ? අර කාදිනල් තුමා දිහා බලලාවත් යමක් ඉගෙනගන්න වටිනවා. තමන්ට ලැබෙන්න ගිය පාක්කුඩම් එපා කියලා සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව ගැන කතා කල එතුමා තමයි මෑත කාලයේ ආගමික නායකයා විදියට මම නම් දකින්නේ. රටට හෙන ගැහුවත් කමක් නැහැ පුජාවට්ටියයි බෙන්ස් එකයි තිබුනොත් කියලා හිතන ආගමික නායකයන් ගැන මොන කතාද .
Panchayuda Sunday, 05 May 2019 08:20 PM
කොහොමහරි, නායක හාමුදුරුවන් වහන්සේලා අවදිවෙලා. බොහොම පින්...
SIRI Sunday, 05 May 2019 08:53 PM
බක පණ්ඩිත ඇමතියෝ ඉන්නකල් ප්‍රශ්නයට විසඳුමක් දෙයිද? ලකුණු දාගන්න හදන්නේ දරුවන්ගේ පිටින්...
Nimal Sunday, 05 May 2019 10:05 PM
මේ ආණ්ඩුව ස්වාමින් වහන්සේලාගේ උපදෙස් පිළිපදින්නේ නැතිව ආත්මර්තකාමීව කටයුතු කරන බව අපි සැවොම දැක ඇත්තෙමු.
චමින්ද Monday, 06 May 2019 12:59 AM
මැයි මාසයම නිවාඩුදීලා අගෝස්තු මාසෙම උගන්නත් බැහැනේ විභාග නිසා. සති අන්ත දින සියල්ලත් එකතුකර උගන්නන්නත් බැහැනේ ගුරු භවතුන්ට ටියුෂන් නැතිවෙන නිසා. එහෙමනම් මේ අවුරුද්දම නිවාඩුදීලා ලබන අවුරුද්දෙම මේ දරුවන් සිටින පංති වලම තබා උගන්නමු නේද උගන්නන්නේ නැතිව විභාග සමත්කරල වැඩකුත් නැහැනේ.
කල්පනාMonday, 06 May 2019 07:09 AM
අගමැතිවරයා කියල තිබුනා සියලු ත්‍රස්තයින් අත් අඩංගුවට ගන්නාතෙක් අවදානම අඩුවන්නේ නැහැ කියලා. ඇමතිවරයා කියනවා අවදානමක් නැහැ පාසැල් පවත්වන්න කියල අදදින කිසිම ත්‍රස්තවාදී ප්‍රශ්ණයක් විය නොහැකි පැතිවලත් ගුරුවරුවත් පාසැල් නොගොස් තිබුනා.