IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෙවැනි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරේ

(මනෝප‍්‍රිය ගුණසේකර)

නඩු ප‍්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු දෙවැනි ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරු පියසාද් ඩෙප් මහතා විසින් අද (03) පත් කරන ලදී.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස කොළඹ මහාධිකරණයේ කටයුතු කරන ආර්. ගුරුසිංහ, ශෂි මහෙන්ද්‍රන් සහ මීගමුව මහාධිකරණයේ කටයුතු කරන අමල් රණරාජා යන මහතවරුන් පත් කොට ඇති බව වාර්තා වේ.

දෙවැනි ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා පත් කොට ඇත. 


අප‍්‍රමාදීව විමසා අවසන් කළ යුතු නඩු විමසීම සඳහා ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණ පිහිටවිය යුතු බව රජය මීට පෙර අවස්ථාවකදී තීරණයක් ගන්නා ලදී.

ඒ අනුව මෙම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණ පිහිටවනු ලැබු අතර මෙම ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුන් පත් කරන ලෙස නීතීපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමක අනුව මෙම මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනා පත් කොට ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

දෙවැනි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site