IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ද්විත්ව පුරවැසිබව හිමි රාජ්‍ය තාන්ත්‍රිකයන් සිටිනවාද‘යි සොයයි

 ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් හා විදේශ රටවල සිටින මෙරට රාජ්‍ය ත්‍රාන්තිකයින්ගෙන් යම් අයකු ද්විත්ව පුරවැසිභාවය සහිතනම් ඒ බව දන්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින්ට දන්වා යවා තිබේ.

 විදේශ අමාත්‍යංශයේ සහ විදේශ රටවල දූත මෙහෙවරේ යෙදී සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර ද්විත්ව පුරවැසිභාවය ඇති අය ඇත්දැයි සෙවීම සඳහා සන්ඩේ ටයිම්ස් පුවත් පත කළ විමසීමකට පසු චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම අමාත්‍යංශයේ විදේශ දූත මණ්ඩල පාලන අංශය සතුව අදාළ විස්තර නොමැති බව එහිදී අනාවරණය විය.

“දූත මෙහෙවරේ යෙදී සිටින දූත කණ්ඩායම්වල ද්විත්ව පුරවැසිභාවය සහිත ප්‍රධානීන්/තනතුරු ඇතුළු නිලධාරීන් ගැන තොරතුරු විමසීමට අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි“ යැයි දන්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය දූත කණ්ඩායම්වල ප්‍රධානීන්ට හා එහි තනතුරුවලට චක්‍රලේඛයක් යවා තිබේ.

මෙම ගැටළුව උද්ගත වූයේ ශ්‍රී ලංකාවේ හා ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දූ කිරීමෙන් අනතුරුවය.මෙම තීන්දුවට එරෙහි අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතියි.

තම රටේ පුරවැසියකු තවත් රටක තානාපතිවරයකු ලෙස හෝ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස සේවය කිරීමට සමහර රටවල් විරෝධය දක්වයි. උදාහරණයක් ලෙස ඇමෙරිකානු ජාතිකයින්ට විදේශ රටක තානාපතිවරයකු ලෙස හෝ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස සේවය කිරීමට නිදහස ලබා දීම පිළිබඳ නීතිමය ගැටළු පැන නැගී තිබේ.

“ප්‍රතිපත්තියක් ලෙසින් විදේශ රටක සිටින රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් රාජ්‍ය තාන්ත්‍රිකයින් යවන රටේ ජාතිකයකු විය යුතුයි“යැයි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් වන වියානා සම්මුතියේ සඳහන් වෙයි.
 



අදහස් (3)

ද්විත්ව පුරවැසිබව හිමි රාජ්‍ය තාන්ත්‍රිකයන් සිටිනවාද‘යි සොයයි

naradha Sunday, 21 May 2017 11:49 AM

විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසිබව හිමි මන්ත්‍රීවරුන් ගැන සොයා බැලිය යුතුයි. මීට හේතුව නම්, රටේ පවතින නීතියට අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බැවින්, එවැන්නන් විසින් පාර්ලිමේන්තුව තුල සම්මත කරගන්නාවූ නීති සහ පනත් නීත්‍යනුකුල නොවිය හැකි බැවිනි.

:       0       10

s.romia Sunday, 21 May 2017 05:37 PM

එතකොට ලඟදි පත්වීම් ලබන කෙනෙක් ඉන්නවා නේද? එයා ප්‍රංස රට සඳහාද? නැහැ... එයා ට තියෙන්නෙත් ඇමෙරිකාවේ පුරවැසිභාවයම තමා...

:       0       0

de silva berlin Sunday, 21 May 2017 06:31 PM

මේ හොයාගත්ත ද්විත්ව පුරවැසියාගේ පාර්ලිමේන්තු ආසනය අහෝසි කරන්න ගිහින් ඇතිවෙච්ච අවුල ලිහාගන්න බැරුව ඉන්න කොට තව ද්විත්ව පුරවැසියෝ ගැන හොයාගත්ත කියල මොනවා කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site