IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


දඹුල්ලේ මෙහෙයුමකින් 05ක් අත්අඩංගුවට

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ 26 දින රාත්‍රියේ සිට අද 27 අළුයම දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 පොලිස්  ඇඳිරි නීතිය පැවැති රාත්‍රියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ සැරිසරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී   කල්මුණේ සයින්දු මරද  ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්  හෙළිවී ඇත.

දඹුල්ල  නගර මධ්‍යයේ සිටියදී තවත් අයකුද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් හඳුනාගෙන තිබේ. ඔවුන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සහ නගරයට පැමිණියේ කුමන කාරණයක් සඳහා ද යන්න නිශ්චිත වශයෙන් ප්‍රකාශ කර ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.

පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් ස්ථාන කිහිපයකම හදිසි රථවාහන සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.

එහිදී වෑන් රථයක් පරීක්ෂාකිරීමේදී තරුණයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජංගම දුරකථන පරීක්ෂාවට ලක් කිරීමේ දී එක් තරුණයෙකුගේ ජංගම දුරකතනයක තියුණු කඩු  අතැතිව ඡායාරූප ලබාගෙන ඒවා ජංගම දුරකථනයේ රඳවාගෙන තිබීම හේතුවෙනි.  මෙම  තරුණයන් දෙදෙනා ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

තියුණු කඩු  අතැතිව සහ තියුණු කඩු මුඛයේ රඳවාගෙන මෙම තරුණයන් ඡායාරූප ගෙන තිබීම පිළිබඳව ප්‍රශ්න කිරීමේදී  කියා ඇත්තේ  තම මිතුරන් සමඟ මෙම ඡායාරූප ගෙන තිබෙන බවය. එමෙන්ම මෙම තරුණයන් දෙදෙනා ඉන්දියාවේ සිට පැමිණෙන අයෙකු ලබා ගැනීම සඳහා ගුවන් තොටුපොළට ගමන් කරමින් සිටින බවද ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් පසුගිය දිනවල  කොළඹ ප්‍රදේශයේ දේවස්ථානයක දී අත්අඩංගුවට ගත් කඩු වලට සමාන කටු සහිත ඡායාරූප මෙම තරුණයන්ගේ ජංගම දුරකථන වල සටහන් ව තිබී ඇතැයි පොලිසිය කියයි

මෙම සැකකරුවන් පිළිබඳව දඹුල්ල පොලිසිය ඔවුන්ගෙන් මේවන විට ප්‍රශ්න කරමින් සිටියි.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ දඹුල්ල නගරයේ ආරක්ෂාව සඳහා තවදුරටත් සෝදිසි මෙහෙයුම්  ක්‍රියාත්මක බව ය.

 



අදහස් (0)

දඹුල්ලේ මෙහෙයුමකින් 05ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 255 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site