IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දුම්රිය 8 ක් ධාවනයට

මහින්ද නිශ්ශංක

දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීන්ගේ ගමන් පහසුව සඳහා කොළඹ කොටුවේ සිට සියලුම මාර්ග ආවරණය වන පරිදි දුම්රිය 8 ක් පමණ ධාවනය කිරිමට දුම්රිය බලධාරින් අද (9) සවස සැලසුම් කර තිබිණි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ මහනුවර,රඹුක්කන සහ මහව දක්වා දුම්රිය තුනක් ද මුහුදුබඩ මාර්ගයේ ගාල්ල සහ මාතරට දුම්රිය බැගින් ද පුත්තලම් මාර්ගයේ හලාවත දක්වා දුම්රිය දෙකක් ද අවිස්සාවේල්ල දක්වා එක් දුම්රියක් ද ධාවනය කිරිමට කටයුතු යොදා ඇත.

මේ අතර දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ අත්හිටවන ලද තම ශ්‍රේණීවල වැටුප් විෂමතාව ඉවත් කිරිමේ කැබිනට් පත්‍රිකාව නැවත ක්‍රියාත්මක කරන තුරු දුම්රිය වර්ජනය අඛණ්ඩ කරගෙන යන බවයි.

සාමාන්‍යයෙන් දිනකට දුම්රිය 365 ක් පමණ සියලුම මාර්ග වල ධාවනය වේ.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (5)

දුම්රිය 8 ක් ධාවනයට

Lal Thursday, 09 August 2018 11:03 AM

අධිකාරියක් කරනු !

:       0       88

Uditha Thursday, 09 August 2018 12:46 PM

කිසිම බුරුලක් දෙන්න හොද නැහැ. සේවය හැර ගියා සේ සලකා ඉංජිනේරු උපාධි තියන තරුණ කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් රටේ ඉන්නවනේ. ඒ අයට රස්සාවල් දීලා ගන්න.. සේවයට එන්න කැමති කෙනෙක්ට පැය 24 ක කාලයක් දෙන්න.

:       0       3

තලිණ Thursday, 09 August 2018 12:48 PM

වඩා උසස්, කාර්යක්ෂම හා තරගකාරී සේවයක් සදහා දුම්රිය සේවයට පෞද්ගලික අංශය දායකත්ව කරගන්න. එමගින් මහජනයා පතිලාභ ලබනු ඇත.

:       0       33

sas Thursday, 09 August 2018 02:02 PM

බොහෝ රටවල දුම්රිය, තැපෑල ආදී සේවයන් කරනුයේ පෞද්ගලික අංශය විසිනි.

:       0       2

nimali Friday, 10 August 2018 06:22 AM

දුම්රිය හා ලංගම හමුදාපති හෝ ආරක්ෂක අංශයක් මගින් පාලනය වන ආයතනයක් බවට පත් කල යුතුය. ඒ හරහා සියලුම ප්‍රවාහන අංශ කරනු ලබන වර්ජන සැනෙකින් පාලනය කලහැක.

:       0       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site