දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත්කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 52 ක් ලැබුණු අතර යෝජනාවට විරුද්ධව ඡන්ද 08 ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 44 කින් එය අද (11දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පසුගිය 09දා ජනාධිපතිවරයා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත්කළ අතර ඒ අනුව මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින් ක්‍රියාත්මක කරන්න. සා.පෙළ ලියන ළමයින් ගැනත් සලකලා...
මේක කරන්න තිබුණේ හුඟක් ඉස්සෙල්ලා... කෙසේ වුණත් ජයවේවා !!!.
නිල නිවාස වලින් සියලුම වර්ජකයින් හා පවුලේ සියල්ල ඉවත් කරන්න. එවිට සියල්ල සේවයට වාර්තා කරනු ඇත.
මේ පනත සම්මත වීම සතුටක්. ඒත් මං බැලුවේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් ඉඳලා තියෙන්නේ 60 දෙනයි. ගණපූරණය තිබුණද? කෝ මේ කෑගහන ඒකාබද්දෙ කට්ටිය? ජනතාවගෙ ප‍්‍රශ්න ගැන කථා කරන්න මෙයාලට ඕනෙකමක් නැද්ද?