(ක.ග කරුණාරත්න )
පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමේ සංවර්ධන කටයුතුවලදී ඉපැරණි දීප උයන ඉදිරිපිටින් අද (22) පුරාවිද්‍යා ස්මාරක හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බැකෝ යන්ත්‍රයක් මගින් මාර්ගය කැපිමේදී පැරණි පුවරු ගල් කණු ආදිය මතුවී ඇත.
පුරා විද්‍යා ස්මාරක හමුවීමත් සමඟ යන්ත්‍රාණුසාරයෙන් කෙරෙන එම හෑරීම් කටයුතු නතර කිරීමට උපදෙස් දුන් බව ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ සුමනදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා එසේ පැවසුවද පුරාවිද්‍යා ස්මාරක හමුවූ ස්ථානයට මීටර් 10 ක් පමණ දුරින් බැකෝ යන්ත්‍රය යොදාගෙන දිගටම හෑරීමේ කටයුතු සිදු කරන අන්දම දැක ගන්නට ලැබුණි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිසි කැණීමක් සිදු කර එම පුරාවස්තු මතුකර ගන්නා තෙක් මෙම කෙරෙන මාර්ග සංවර්ධන කටයුතු තාවකාලිකව නතර කිරීම කාලෝචිත යැයි මහජනතාව පවසති.



COMMENTS
අම්පාරේ ඩෝසර් කරපු පුරාවස්තු දැක්කහම මේව මොනවද?
මෙරට සිංහල බෞද්ධ කියන එක ලේසියෙන් කාටවත් වෙනස් කරන්න බෑ කියල මේවගෙන් හොදට පේනවනේ නේද?