(එච්. චන්දන )
පුත්තලම දිස්ත්‍රික්කයේ දැනට වගා කටයුතු වලට නිසි පරිදි ජලය ලබා ගැනීමට නොහැකි ජලාශවලට දැදුරු ඔයේ ජලාශයෙන් ජලය ලබා ගෙන ඉගින්මිටිය ජලාශය, මහ උස්වැව යව වැව්වලට සහ රතඹලා ඔයෙන් විජය කටුපොත වැවට ජලය ලබා ගැනීමේ කටයුතු විදෙස් දූත පිරිසක් නිරීක්ෂණය කළේය.
වාරිමාර්ග හා ජල සම්පත් හා අපදා කළමනාකරණ අමාත්‍යංශය යටතේ ඒකාබද්ධ ජල ඵලදායිතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකු මුදල් ලබා ගැනීමේ අවසන් පියවර ලෙස එම දූත පිරිස ක්ෂේත්‍රයේ නීරීක්ෂණ චාරිකාවකට එක්විය.
එම දූත පිරිස මෙහිදී ඉගිනිමිටිය , මහඋස්වැව , විජයකටුපොත ගොවි සංවිධානවල ගොවීන් හමුවී දැනට ජලය නොමැතිව මුහුණ පාන ගැටළු පිළිබඳව කරුණු සාකච්ජා කළේය.
යල මහා කන්න දෙකම තමන්ට කුඹුරු අස්වැද්දීමට අවශ්‍යය ජලය නිසි පරිදි නොලැබෙන බවත් ගොවීන් දූත පිරිසට පෙන්වා දුන්නේ.
මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජල සම්පත් හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යය පාලිත රංගේ බණ්ඩාර එම ආමත්‍යංශ ලේකම් කපිල ජයසේකර මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වුහ.




COMMENTS
ඔයටික අපේ අයට කරන්න බැරිද. පරාක්‍රමබාහු රජුගේ කාලයේ වාරිමාර්ග කටයුතු වලට උපදෙස්දීමට කොහෙන් විදේශිකයෝ ගෙන්වුවාද කියා ඉතිහාස පොත්වල බලන්න ඕනේ
මේ පිටරැටියෝ ඇවිල්ලා අපේ වතුර පරිහරණය කරනහැටි කියාදෙන්න යෑම නිකන් පුහු වැඩක්, ජීවත්වෙලා ඉන්නවානම් ආචාර්ය පට්ටිආරච්චි මහතාගෙන් උපදෙස් ගන්න, එයාගේ ජලය ගැන නිගමන මුළු ලෝකයම අගය කරනවා.
විශ්වවිද්‍යාල කියක් තිබෙනවාද ? කොතරම් ඉංජිනේරුවන් මේ රටට බිහිවී ඇතිද ? පුරාණයේ යෝධ ඇලේ ජලය සැතපුමකට අගලක් බැස්මට හැදුවයි කියන රටේ, වැවු අමුණු දස දහස් ගණන් ඉදිකළ රටේ තරම. අර වැහි කාලෙට වතුර ටිකක් ගලන දැදුරු ඔයේ එන වතුර ටික පොඩි වැව් වලට හැරවිය හැකිද, එසේනම් එය කල හැකි හොදම විදිහ කුමක්ද ? කියන ටික හොයන්නට තවමත් පිට රටින් සුද්දන් ගෙනෙන එක තරම් ලැජ්ජාවක් තවත් තිබෙනවාද ? තමනට බදු රහිත කාර් එකක් ගෙන්වාගන්නට හෝ තමන් ඉංජිනේරුවන් නිසා අනික් අයට වඩා ගොඩක් වෙනස් ඉහල වැටුපක් ගන්නට සමගිව සටන් කරන ඉංජිනේරුවෝ තම ඉංජිනේරුකමට ඔච්චම් කරන මේ ලැජ්ජා නැති දේ වලට අභියෝග කර රටට හොදම ඉංජිනේරු සැලසුම උපන් රටේ මේ වගේ පොඩි දේකටවත් දෙන්නට හැකි බව කියා ඔප්පු කල නොහැකිද ?
මමත් හිටපු වාරිමාර්ග ඉංජිනේරුවෙක්. මේක නම් නියම ගොන් පාර්ට් වැඩක්.
මෙය වත්මන් වාරි ඉන්ජ්නෙරුවනට නොහැකි දෙයක් නොවේ. ඔවුන් මෙහි සියලුම සැලසුම් සකස් කරන්න්නට ඇත. මෙහි ඇත්තේ පුවත නිවැරදිව වටහා ගැනීමේ දෝසකි. මූල්‍ය ආයතනයක් ආ. ස. බැ නිලදාරීන් (මුදල් ලබාදීමට පෙර) අවසාන පරික්ෂනයකට පැමිණි බව වාර්ථාවේද සදහන්ව ඇත. සාමාන්‍යයෙන් ඕනෙම මුල්‍ය ආයතනයක් එසේ කිරීම සම්ප්‍රධායයි.
අහසින් වැටෙන එක දිය බින්දුවක් වත් වැඩක් නොගෙන මුහුදට යවන්න එපා කීව මහා පරාක්‍රමභාහු වැනි රජවරු හිටපු රටේ, රටතුල වතුර බෙදා දෙන්න විදේශීය උපදෙස් හොයනවා. ඒ කාලේ සමෝච්ච රේඛා තිබුන සිතියම් තබුන බවක් අපි දන්නේ නැහැ. එත් අඩු ග්‍රේඩිඅන්ට් එකකින් වතුර ගෙනයන වාරිමාර්ග කළා.
වතුර ටිකත් විකුනන්ටද කොහේදෝ දගලන්නේ!
අපේ රටේ ඉංජිනේරුවෝ ඔය වැඩේ කලාම කොහොමද කොමිස් ගහන්නේ ? සිංගප්පුරු ගිවිසුමෙන් වැඩක් ගන්නේ කොහොමද ?
පෙනෙනා ආකාරයට මේ විදෙස් නියෝජිතයින් වාරිමාර්ග විශේෂඥයින් නොව මෙම දේශපාලකයින් ආධාර මුදල් නිසි ලෙස අදාළ වැඩට යොදවනවාද යන්න නිරීක්ෂණයට ආ උදවියයි.
මේ විදේශිකයින් ගෙන්වූ බහුබුතයින්ට බුවල්ලෙන් තැලිය යුතුයි
නෑ එයාලා ඇවිත් ඉන්නේ වොඩ්කා වතුර කරන හැටි අහගන්න.
මහා ලොකු පම්පෝරිය ලොකුවට තිබුනට කට්ටියට තවම ලිපියක් කියවලා තේරුම් ගන්නත් බැහැ වගේ , මේ නියෝජිතයෝ ඇවිල්ල ඉන්නේ ආසියානු සංවර්දන බැංකුවෙන් ,මෙම ව්‍යාපෘතිය ඵලදායි එකක් ද නැත්ද බලල ආදාර දෙනවද නැත්ද කියලා තීරණය කරන්න.
පරාක්‍රමබාහුල කෙසේ වෙතත් දැන් ඉන්නේ ඔක්කොම දුටුගැමුණුලනේ. ඒකනේ අපි මෙච්චර මෑතක ඉඳන් දියුණු!.
මේකනේ මෙයා...ව්‍යාපෘතිය කරන්න සල්ලි ඕන....... ඒඩීබී නේ සල්ලි දෙන්නේ. සැලසුම අපේ උනාට බැංකුවේ නියෝජිතයෝ බලන්න ඕනේ එක හරිද කියල...ජාතික ආලය සහ දේශීයත්වය හොඳ දේවල් එත් ටිකක් බුද්ධිමත් වෙන්නත් ඕනේ..
විශාල වශයෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් , සංවර්ධන ණය මුදල් දෙන්නේ සොයලා බලලා දැන් දේශපාලකයෝ සල්ලි යටිමඩි ගහගන්න එක ඒගොල්ලත් දන්නවා, අදාල නැති නමුත් ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල වලින් පිට වන ඉංජිනේරුවෝ ගැනත් යමක් සදහන් කරන්න ඕනේ ඔවුන්ගේ ප්‍රයෝගික දැනුම යුරෝපයේ ඉන්ජෙනේරුව සමග සන්සන්ධනය කරන කොට අඩු බව නිරීක්ෂණය වෙනවා , ඔවුන් තම අධ්‍යාපන කාලයෙන් සැලකිය යුතු කොටසක උද්ගෝෂණ , විරෝධතා වැනි දේශපාලන කටයුතු වලට වැය කරන නිසා ඔවුන්ගෙන් ලොකු ප්‍රමිතියක් බලපොරොත්තු වෙන එක ඉබන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක් , එම නිසා ලංකාවේ විශ්වවිද්‍යාල වල සොයගැනෙන නව නිපැයුම් නැත්තටම නැති තරම්ය .