(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)
මාතර හම්බන්තොට නව දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ වැඩට පැමිණ චීන ජාතික තරුණයෙකු දන්දෙනිය රක්ෂිතයේ තඹගල ප්‍රදේශයේදී අතුරුදන් වී ඇතැයි තිහගොඩ පොලීසිය පවසයි.
ඉකුත් 12 වන දින රාත්‍රි කාලයේ දී 33 හැවිරිදි ඔහු දන්දෙනිය රක්ෂිතය දෙසට ගොස් ඇති අතර ඉන් පසුව සිට අතුරුදන් වී තිබේ.
ඔහු ඊට දෙදිනකට පෙර තවත් මිතුරන් තිදෙනෙකු මෙරටට පැමිණ තිබෙන බවත් අධිවේගී මාර්ගයේ රැකියාවට ගිය පළමු දිනම මෙම සිද්ධියට ලක්ව ඇති බවත් පොලීසිය කියයි.
කෙසේ වෙතත් අතුරුදන් වු චීන ජාතිකයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගල,කීපයක් හා ජංගම දුරකතනය කැලෑව තුල තිබී පොලීසිය සොයා ගෙන ඇත.
ඊට අමතරව ඔහු සොයා ගැනීම සදහා මාතර යුධ හමුදා කදවුරේ 3 වැනි ගැමුණු හේවා බල ඇණියේ අණ දෙන නිලධාරී මේජර් ජානක ඥාණාධාර මහතාගේ උපදෙස් මත යුධ හමුදා කණ්ඩායම් හයක් අද (15) පොලීසිය සමඟ එම වනාන්තරය තුළ සෝදිසි මෙහෙයුමක් ආරම්භ අරඹා තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දක්ෂිණ අධිවේග සංවර්ධන ව්‍යාපෘතියේ චීන ජාතිකයෙක් අතුරුදන්
prabha Tuesday, 15 May 2018 12:26 PM
මෙයා රෑට උයන්න දෙයක් හොයන්න කැලේ රිංගල වගේ