ඩී.ජී.සුගතපාල
දකුණු පළාත් සභාව අද (22) රැස්වු අවස්ථාවේ භුමිතෙල් මිල වැඩි කිරිමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස් මහතා ලැන්තෑරුමක් සහ පන්දමක් ද විරෝධතා පුවරුවක්ද සභාව තුළට ගෙන ඒමට සුදානම් වු අවස්ථාවේ සභාපතිවරයා විසින් ඒවා සභාව තුළට රැගෙන ඒම තහනම් කරන ලදි.
මන්ත්‍රිවරයා ඒවා රැගෙන සභා ගර්භයට පිවිසිමට දොරටුව අසලට පැමිණි අවස්ථාවේ එය දුටු සභාපතිවරයා ඒවා සභාව තුළට ගෙන ඇවිත් සභාවේ කටයුතු අවුල් නොකරන ලෙස කියා සිටියේය.
පසුව මන්ත්‍රිවරයා ඒවා රැගෙන පිටතට පැමිණියේය.
සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කලේගාන පළාත් සභා ගොඩනැගිල්ලේදී රැස්වීම පැවැත්විණි.

COMMENTS
අනුන්ගේ පහනින් එළිය බලන පළාත් බබාලාගේ සාම්ප්‍රදායික විහිළු. මහත්වරුනි ,විහිළු සැපයුවා හොඳටෝම ඇති.
ලෝකයේ අඩුම මිලට භුමිතෙල් සැපයු මහා රජාගේ ගෝලයන්ට මේ තරම් තෙල් මිල ඉහල යෑම වාවන්නේම නැහැ තමයි. අර ඉන්දියාවේ තෙල් මිල අඩු කරන්න කියලා ධීවරයන් උද්ඝෝෂණය කළ වෙලාවේ ඉන්දීය පොලීසිය වෙඩි තියලා ධීවරයෝ දෙන්නෙක් මියගිය වෙලාවේ මහා රජයි ගෝලයෝ ටිකයි දුක්වෙවී කඳුළු සැළුව හැටි මට තාම මතකයී.
ඊයේ රෑ හොරපාරේ ගිහිල්ල කෙලින්ම ඇවිල්ල තියෙන්නේ සබේට.. ගෙදර කෙනා ඇහුවොත් කියන්න පුළුවන්නේ මහජන සේවය කරලා අවය කියල.