ඩී.ජී.සුගතපාල
කොළඹදී පැවති ජනබල මෙහෙයුමට යාමට පෞද්ගලික බස්රථ ලබා නොදීමත් ජනබලයට සහභාගී වු අයට වස සහිත කිරි පැකට් ලබාදුන් බවටත් චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අදහස් ප්‍රකාශ කරන්නට වීමත් සමඟ අද (11) පැවති දකුණු පළාත් සභා රැස්විම ගාල ගොට්ටියක් බවට පත්විය.
සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කලේගාන පළාත් සභා ගොඩනැගිල්ලේ දී රැස්වීම පැවැත්විණි.
වරප්‍රසාද යටතේ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා (එ.ජ.නි.ස.) පැවසුවේ දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් ජනබලයට යාමට බස් රථවලට අවසර ලබා නොදුන් බවයි.
විශේෂ චාරිකා යාම සඳහා අවසර නොදෙන ලෙස 4 වැනි දා උදෑසන සියලුම උප කාර්යාලවලට දැනුම්දී තිබිම නිසා තමන් අපහසුවට පත්වු බවත් මාර්ග බලපත්‍ර අහෝසි කරන බවට බස් හිමියන් තුළ බියක් ඇතිවු බවත් ඒ මහතා කිය.
සභාව පාලනය කර ගැනීමට සභාපතිවරයා මන්ත්‍රීවරුන්ට අසුන් ගන්නා ලෙස අවස්ථා කිහිපයකදී පැවසුවත් ගාල ගෝට්ටිය විනාඩි කිහිපයක්ම පැවතිණි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු පළාත් සභාවේ ගාල ගෝට්ටියක්
රවින් Tuesday, 11 September 2018 12:22 PM
ඡන්දේ ඉල්ලුවේ මහජන සුබසිද්ධිය සලසන්න නේද?