(සටහන සහ ඡායාරූප - මාවනැල්ල සමන් විජය බංඩාර)
වයස අවුරුදු 115 ක් වූ පේඩිගේ අනුලාවතී මාතාව අද ( 01 ) මෙලොවින් සමු ගත්තාය. ඇය මියයන තෙක්ම ජිවත් ව සිටියේ අරණායක ගැවිලිපිටිය ප්‍රදේශයේය.
සමස්ත ලංකා ප්‍රවීනයන්ගේ ක්‍රිඩා උලෙලේ අවුරුදු 110 සහ 115 අතර වයස් කාණ්ඩ වලින් පැවත්වු හෙල්ල සහ යගුලිය දැම්මේ ඉසව් වලින් ගිනස් වාර්තාවකට පවා හිමිකම් කියන ඇය අරණායක ප්‍රදේශයට අභිමානයක් ගෙන දුන් මාතාවකි.
දකුණු අසියාවේ වයස් ගතම මාතාව වන මාවනැල්ලේ බලත්ගමුවේ 117 ක් වසරක් ජිවත් වු උක්කු අම්මා මිය යෑමෙන් පසුව මෙි දක්වා ජිවත්ව සිටි වයස්ගතම මාතාව ඇය විය හැකි බව බොහෝ දෙනාගේ මතයයි. ඇය උපත ලබා ඇත්තේ 1902 / 06 / 04 දිනයේදිය. නමින් පේඩිගේ අනුලාවතී ලෙස හැදින්වුවත් මුල් කාලයේ ඇගේ නම කිරි උක්කු බව ඇය ජීවත්ව සිටියදී පවසා තිබිණ.


COMMENTS
අපගේ ආදරණිය අම්මාට නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු.
අම්මේ ඔබට නිර්වාණ සුවය ලැබේවා.. !!!
ඔබට නිවන් සුව අත් වේවා !!!
දෙමාපියන්ව මහලු මඩම්වලට දක්කන මේ කාලේ, මේ අම්මව රැකබලාගත්තු අයගේ දරුවන්ට හෝ කාට හෝ අපගේ ප්‍රණාමය .... අම්මාට නිවන් සුව පතමි... යලිත් ලංකාවේ නොඉපිද වාසනාවන්ත රටක උපදින්නට වාසනා ගුණය ලැබේවායි පතමි.
අම්මේ ඔබට නිර්වාණ සුවය ලැබේවා.. !!!
නිවන් සුව ලැබේවා.. එයාගේ බලාපොරොත්තු එලෙසම සිදුවේවා.. බුදුසරණයි.
අරණායක වල බොහෝ සාමාන්‍ය මිනිසුන් බොහෝ සාමාන්‍ය දේවල් කරනවා. හරිම ආඩම්බරයි අම්මේ. නිවන් සුව අත්වේවා!!!
මෙතරම් දීර්ඝ කාලයක් ආයුෂ භුක්ති විඳ සුවදායක මරණයකින් ජීවිතයෙන් සමුගත් මේ මාතාව ඇත්තෙන්ම වචනයේ පරිසමාප්තියෙන්ම වාසනාවන්ත අයෙකි. මිනිසත්භාවය ලැබූ අයෙකුට ලැබෙන වටිනාම ත්‍යාගය වන ජීවිතය යහපත් පැවැත්මෙන් හා නිසි ආහාර ගැනීමෙන් මිනිස් කමට දිය හැකි උසස්ම අරුත මෙය යැයි කියන්න මේ මාතාවට හැකිවීම රටටම ආඩම්බරයක්. සසර කෙළවර නිවන් අවබෝධ කරගැනීමට ඇයට වාසනාව ලැබේවා කියා පතනවා.