(ජුඩ් සමන්ත)
පිටාර ගලා යමින් පවතින කඩුපිටි ඔයේ ජලය කඩිනමින් මුහුදට බැස යාමට සැළැස්වීම සඳහා තල්විල මෝය කපා දැමීමට මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර ඇත.
මෝය කපා දැමීමත් සමඟ පිටාර ගලා යමින් තිබූ ජලය බැස යමින් පවතී.
තල්විල මෝය කපා දැමීමත් සමඟ වෙන්නප්පුවේ සිට හලාවත දක්වා වන මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇත. මෙම ස්ථානයේ පාලමක් ඉදිකරන ලෙස වසර ගණනාවක සිට ජනතාව වගකිව යුත්තන්ට පවසා ඇතත් එයට මෙතෙක් විසඳුමක් ලැබී නැත.
කඩුපිටි ඔය පිටාර ගලා යන සෑම අවස්ථාවකදීම තල්විල මෝය කපා දැමීම සිදුවන අතර, ඊට ස්ථීර පිළියමක් යෙදීම වගකිව යුතු අංශවල යුතුකමක් බව ප්‍රදේශවාසීහු පවසති.



2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තල්විල මෝය කපා දමයි - මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා
hasantha Thursday, 24 May 2018 05:09 AM
නියං කාලේදී ජලාශ වැව් වැස්ස කාලෙට වැඩියෙන් ජලය රදවාගැනීමට සුදානම් කන්නේ නෑ. ඒ වගේම හිරවෙලා තියෙන කාණු පද්ධති පිරිසිදු කරන්නේ නෑ. අන්තිමේට වැස්ස ගමන් හැම තැනම ගංවතුර. ඊළගට එන පායන කාලෙට මිනිස්සු බිමට, වගාවට ජලය නැතිව හූල්ලනවා. ඉදිරි දැක්මක් නැති රටක් හැමදාම එක තැන තියෙන එක ගැන පුදුම වෙන්න ඕනේ නෑ.
malaka Thursday, 24 May 2018 06:11 AM
කළු ගඟේ මෝය කිසිම වගකීමක් නැතුව කපලා දාල කරපු විනාශය වගේ වේවි ටිකක් පරිස්සමින් අවදානමෙන් ජනතාව බලන්න