(සුජිත් හේවාජුලිගේ)
උතුරු නැගෙනහිර ත්‍රිවිධ හමුදාව පරිහරණය කරන ඉඩම් අක්කර 902ක් ඒවායේ නීත්‍යනුකූල හිමිකරුවන්ට පවරා දීමට අවශ්‍ය කටයුතු කෙරෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ත්‍රිවිධ හමුදාව පරිහරණය කරන උතුරේ ඉඩම් අක්කර 312 ක්ද පෞද්ගලික ඉඩම් අක්කර 112 ක්ද නැගෙනහිර පළාතේ රජයේ ඉඩම් අක්කර 318 ක්ද පෞද්ගලික ඉඩම් 160 ක්ද මෙසේ ඒවායේ නීත්‍යනුකූල හිමිකරුවන්ට පවරාදීමට කටයුතු කරගෙන යන බව ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
නිදහස් කිරීමට යෝජිත ඉඩම්වලින් රජයේ ඉඩම් වැඩිම ප්‍රමාණයක් නිදහස් කිරීමට නියමිතව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.එම ඉඩම් ප්‍රමාණය අක්කර 227 යැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්යසාධන වාර්තාවේ දැක්වෙයි.
COMMENTS
මේකටත් ඉතින් මෙන්න මෙන්න යහපාලන ආණ්ඩුව හමුදා කඳවුරු අකුලා ගන්නවෝ කියලා කෑකොස්සන් දෙන පිරිසකුත් ඒවා විශ්වාස කරමින් විලාප දෙන පිරිසකුත් ඉන්නවා අනිවාර්යයි.
රටේ ආරක්ෂාවට තර්ජන නොවන ආකාරයට උතුර නැගෙනහිර පලාත්වල ඉඩම් නැවත එවායේ මුල් අයිතිකරුවන්ට ලබා දීමට ගෙන යන මේ වැඩ පිලිවෙල ඉතා ප්‍රශංසනීයයී.
රටේ තවත් අක්කර 902ක් පුරා පැතිරිච්ච වනාන්තරයක් ඉවරයි. මුල් පදිංචිකාරයෝ කිය කියා හොර ඔප්පු හද හදා ඒ ඒ ප්‍රදේශවල දේශපාලන නායකයින් තම තමන්ගේ අයට අවුරුදු ගානක පැතිරු හදලා දෙනවා. 2011 අවුරුද්දේ පුත්තලම, මන්නාරම පැත්තේ රජයේ ඉඩම් වලට හොර ඔප්පු හදාගෙන ඒවා යුද්ධයට කලින් තමන්ගේ ඉඩම් කියා පෙන්වමින් මහා දරුණු ඉඩම් මංකොල්ලයක් කළා. මංකොල්ලයක් ඒ ප්‍රදේශවල සුළු ජාතික පිරිස් සිදු කළා. මේ රටේ කිසිම දෙයක් හොයා බලන්නේ නැතුව පිළිගන්න මෝඩයින් රැලක් ඉන්න නිසා මෙවැනි ක්‍රියා දැන් සාමාන්‍ය ක්‍රියාවෙලා. මුල් පදිංචි කාරයන් කියලා මහා කැලෑ කපලා ඒවායේ පදිංචි නොකර මේ රටේ වන ගහනයක් නැති වෙනත් හිස් ඉඩම් නැද්ද මොවුන්ට දෙන්න? මේ රටේ ගස්-කොළන් මේ කපන කැපිල්ලට ඉස්සරහට මොනවා වෙයිද? රට ඉවරටම ඉවරවෙමින් යන කාලය 2009න් පටන් ගත්තා. දැන් එ්ක ඉක්මණින් සිදු වෙනවා. මේ රට සහ මේ රටේ ඉන්න ඔලමොට්ටල මධ්‍යම සහ දුගී පන්තිය ගැන මට දුකයි. ඔවුන්ට අනාගතයක් කවදාවත් හැදෙන එකක් නැහැ.