IMG-LOGO

ත්‍රී’මලේ ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරයට ආරියවතී ගලප්පත්ති පත්කරයි


 
 
අමදෝරු අමරජීව
 
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වු  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීම  නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රිකුණාමලය ආසන සංවිධායක ධුරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නැගෙනහිර පළාත් සභාවේ  හිටපු ඇමැතිවරියක වන  ආරියවති ගලප්පත්ති මහත්මිය පත් කරනු ලැබ තිබේ. 
 
සංවිධායක ධුරයේ පත්විම් ලිපිය  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්  සිය කාර්යාලයේ දී ආරියවති ගලප්පත්ති මහත්මියට ලබාදිම සිදුවිය.
 
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ත්‍රිකුණාමය ආසන සංවිධායක ලෙස පත්වු  ආරියවති ගලප්පත්ති මහත්මිය  අසුව දශකයේ එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාන ගමන අරඹා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී 2008 ප්‍රථම නැගෙනහිර පළාත් සභාවේ උප සභාපතිනිය ලෙස පත්විය.


2012 දි පැවති පළාත් සභා මැතිවරණයෙන් ජයගත් ඇය එම පළාත් සභාවේ සභාපතිනිය  ලෙසත් 2015 ජනවාරි  8 වැනි දා ජනාධිපතිවරණයෙන් වත්මන් යහපාලන රජය බිහිවිමෙන් පසු එක් වරෙක නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන, සංස්කෘතික හා  ක්‍රීඩා ඇමැතිනිය ලෙස කෙටි කලක් ද පසුව පළාත්  මාර්ග සංවර්ධන, නිවාස  ග්‍රාමීය විදුලිය හා  කාන්තා කටයුතු ඇමැතිනිය ලෙස  පළාත් සභාව විසුරුවා හරින තෙක් කටයුතු කළාය.


නව තනතුරට පත්වීමට පෙර ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර තිබුණි.
 



අදහස් (0)

ත්‍රී’මලේ ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරයට ආරියවතී ගලප්පත්ති පත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 152 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 680 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site