(බිඟුන් මේනක ගමගේ )
තොරතුරු දැනගැනීමේ කොමිසමට මේ දක්වා අභියාචනා 951 ක් ලැබී ඇතැයි ද එයින් 690ක් විභාග කිරීම ආරම්භ කර 420 කට තීන්දු දී ඇතැයි ද එහි අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා පවසයි.
මෙරට ඇති පන්දාහකට අධික පොදු අධිකාරී සංඛ්‍යාවට මාසිකව තොරතුරු අයැදුම් දාහකට අධික සංඛ්‍යාවක් ලැබෙන නමුත් මාස 18 කටම අභියාචනා 951ක් පමණක් කොමිසමට යොමුවීමෙන් පැහැදිලි වන්නේ තොරතුරු ලබාදීමේදී හොඳ ප්‍රතිචාරයක් ඇති බව යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ලැබී ඇති අභියාචනා පළාත් වශයෙන් වර්ග කළ විට 42ක් බස්නාහිරෙන් ද 14ක් දකුණෙන් ද 10 ක් මධ්‍යමින් ද 7 ක් උතුරෙන් ද වාර්තා වන්නේ යැයි කී හෙතෙම අඩුම ප්‍රතිචාරය වාර්තා වන්නේ ඌවෙන් යැයි ද කීය.
අභියාචනාවලින් 30 ක් පමණ සම්මුඛ පරීක්ෂණල උසස් කිරීම්ල මාරු කිරීම් ආදී මානව සම්පත් කළමනාකරණ ප්‍රශ්න ගැනත් 17ක් පමණ ඉඩම් හා දේපල ගැනත් යොමුවෙද්දී පරිසර ගැටලුල නීතිය හා සාමය පිළිබඳ ගැටලු හා සමාජ සේවාවලට අදාළ ප්‍රශ්න සම්බන්ධයෙන් ද අභියාචනා රැසක් ලැබී ඇතැයි රණසිංහ මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය හා අධ්‍යාපන ප්‍රශ්න සම්බන්ධයෙන් අභියාචනා ලැබෙන්නේ ඉතාම අඩුවෙන් යැයි කී හෙතෙම අධ්‍යාපන අමාත්‍යංශය හා පාසල් පද්ධතිය විශිෂ්ට ලෙස තොරතුරු ලබාදීම ඊට හේතුව යැයි ද කීය.
තීන්දු දුන් අභියාචනාවලින් කොමිසමෙන් ප්‍රතික්ෂේප වී ඇත්තේ 4ක% වැනි සුළු ප්‍රතිශතයක් යැයි ද රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනා 951 ක්