IMG-LOGO

තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කරයි

(විනීතා එම් ගමගේ)

ළමයා යනු අවුරුදු 18 දක්වා වූ තැනැත්තන් ලෙසත් අවුරුදු 18 සිට 22 දක්වා වූ තැනැත්තන් තරුණයන් ලෙසද අර්ථ නිරූපනය වන පරිදි තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබද ආඥා පනත සංශෝධනය කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මේ සදහා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි එම අමාත්‍යංශය පවසයි.

ලංකාවේ විවිධ පනත් තුළ ළමයා හා තරුණ තැනැත්තා යන්නට විවිධ අර්ථ නිරූපන පැවතීම හේතුවෙන් ගැටලු පැන නැගීම සැළකිල්ලට ගෙන මෙම අර්ථ නිරූපනය සංශෝධනය කිරීමට තීරණය කළ බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ළමයා යනු අවුරුදු 16 දක්වා තැනැත්තන් ලෙස එම පනතේ අර්ථ දක්වා ඇති අතර තරුණයා යනු අවුරුදු 16 සිට 22 දක්වා වූ තැනැත්තන් ලෙස ද එහි අර්ථ දක්වා තිබේ.

කෙසේ වෙතත් මෙරට පවතින අණ පනත් රැසක තවමත් ළමයා සහ තරුණයා අර්ථ දැක්වීම් සිදුවනුයේ විවිධ මට්ටම්වලිනි.

අයාල ආඥා පනත ගැහැණු ළමයා යනු අවුරුදු 16 ට අඩු තැනැත්තියන් ලෙස හදුන්වාදෙයි.

ළමයින් හා ගැටවරයින් පිළිබද ආඥා පනතේ අවුරුදු 14 ට අඩු තැනැත්න් ළමයින් ලෙසද 14 ත් 16 ත් අතර තැනැත්තන් යෞවනයින් ලෙසද හදුන්වනු ලබයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අවුරුදු 18 ට අඩු තැනැත්තන් ළමයින් ලෙස අර්ථ දැක්වේ. අධ්‍යාපන ආඥා පනත අනුව අවුරුදු පහත් 14 ත් අතර අය ළමයින් ලෙස අර්ථ දක්වා ඇත. 
 
ලංකාවේ විවිධ පනත් තුළ ළමයා හා තරුණ තැනැත්තා යන්නට විවිධ අර්ථ නිරූපණ පැවතීම හේතුවෙන් පැන ගැනී ඇති විවිධ ගැටලු සැලකිල්ලට ගෙන ළමයෙකු යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙස අර්ථ නිරූපණය කිරීම සඳහා ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීමටත් තරුණ නැනැත්තෙකු යනු වයස අවුරුදු 18ත් 22ත් අතර තැනැත්තෙකු ලෙසත් අර්ථ නිරූපණය කිරීම සඳහා තරුණ වරදකරුවන් :පුහුණු පාසල්* පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
 
 



අදහස් (1)

තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කරයි

chathuri Wednesday, 01 May 2019 11:33 AM

මේවා කරන්න තිබුනේ ලංකාවට... රූපවාහිනිය හදුන්වාදුන් කාලයේ, තාක්ෂණය දියුණු වෙනකොට විනාශය අත ලඟ බව දැනගන්න... දැන් කීයක් දේවල් නිපැයුම් කර තිබෙනවද? ලෝකේ හඳුන්වන හැම කුණු ගොඩක්ම අපිත් බාරගන්නවා. නමුත් දෙයක් සිදු වෙනකොට එය වළක්වා ගන්නා ක්‍රම කිසිවකු දන්නේ නැහැ. ඉස්සර අවුරුදු 50 මිනිසාගේ දැනුමයි දැන් අවුරුදු15 ළමයාගේ දැනුමයි අහසට පොළව වගේ... මේ ළමයින් කරන්නේ වැඩිහිටියෙක්වත් කරන දේවල් නෙමේ.. මොවුන්ට අණ පනත් හදනකොට මොවුන් කර ඇති වරදට තව අවුරදු 15ක් හිරගේ ඇතුලේ ඉගෙන ගන්න සලවන්න ඕනෑ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site