(සිරාජ් හසීම්)
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රීකුණාමල මණ්ඩපය මාස 4කට අධික කාලයක් වසා දමමින් එම මණ්ඩපයේ මණ්ඩපාධිපතිවරයා ප්‍රමුඛ පරිපාලනය විසින් සිසුන්ට එරෙහිව ගෙන යනු ලබන අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි එහි සිසුහු උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත.
ත්‍රීකුණාමල මණ්ඩපයේ සිසුන් තම මණ්ඩපය තුළ හෝ මණ්ඩපයෙන් පිට කිසිදු විශ්ව විද්‍යාලයක් සමඟ එක්ව කිසිදු සයිටම් විරෝධතාවක් සිදුකර නැති බවත් මොවුන් අමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත.
ත්‍රීකුණාමලය මණ්ඩපය වසා දැමීමට ප්‍රධාන හේතුව පසුගිය පෙබරවාරියේ චක්‍රලේඛවලට හා නීතිරීතිවලට පටහැනිව විභාග පැවැත්වීමට මණ්ඩපාධිපතිවරයා කටයුතු කිරීම බවත් මීට එරෙහිව දැවැන්ත සිසු විරෝධයක් මතුවීම මත මණ්ඩපාධිපතිවරයා සහ පරිපාලනය විසින් සාවද්‍ය චෝදනාවන් නගමින් ත්‍රීකුණාමලය මණ්ඩපය මාර්තු 20 වැනි දා සිට මේ දක්වාම වසා දැමීමට පියවර ගෙන ඇති බවත් සිසූහු පෙන්වා දෙති.
COMMENTS
මෙම මණ්ඩපයේ සිසුන් කිසිවෙක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හෝ සාමාජිකත්වය නොදරන මෙහොතක යැයි ද සිසූහු පෙන්වා දෙති. එමෙන්ම ත්‍රීකුණාමලය මණ්ඩපයේ සිසුන් තම මණ්ඩපය තුළ හෝ මණ්ඩපයෙන් පිට කිසිදු විශ්ව විද්‍යාලයක් සමඟ එක්ව කිසිදු සයිටම් විරෝධතාවක් සිදුකර නැති බවත් මොවුන් අමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ තවදුරටත් සදහන් කර ඇත එහෙනම් ඕක වහලදාන්න තමයි තියෙන්නේ
ඕනෑම හරකෙකුටට යුද්ද කළහැකි ,,නමුත් ඕනෙම ගොනකුට අධ්‍යාපන ඇමති කරන්න බැහැ...කියා මේක ලියන ගොනාට හිතෙනවා.
මණ්ඩපය 2017.03.20 දින සිට වසා දැමීමෙන් අනතුරුව කාලය තුළදී මෙහි සිසුන්ට සයිටම් විරෝධය දැක්වීමේ කටයුතු වලට සම්බන්ධ වීමට නොහැකි වුණා. මන්ද සමස්ත සිසුන් ප්‍රමාණය දහසක් පමණ වන ත්‍රිකුණාමල මණ්ඩපයේ, මේ වන විට සියලුම ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ඇතුළුව 103 දෙනෙකු තවමත් පංති තහනමට ලක් වෙලා ඉන්න නිසා. මේ පුවතේ සඳහන් කර තිබෙන ලිපියට අනුව සිසුන් අදහස් කර තිබුණේ “මෙම මණ්ඩපය වසා තැබීමට මෙහි බලධාරීන් කටයුතු කර ඇත්තේ රටේ පවතින සයිටම් විරෝධතා හේතුවෙන් ඊට සහය පළ කිරීම උදෙසා ,මෙහි සිසුන් මණ්ඩපය තුල හෝ පිටත පවත්වන විරෝධතා වැඩසටහන් වලට සම්බන්ධ වීම නිසා මණ්ඩපය තුළ අධ්‍යයන කටයුතු වලට ඉන් ඇතිවන බලපෑමක් හේතුවෙන් නොවන බවත් ,එබැවින් රටේ පවතින සයිටම් විරෝධතා වලට මුවාවෙන් මෙම ආයතනය වසා තැබීමට පරිපාලනය කටයුතු කිරීම අසාධාරණයක් ය “යන කරුණ බව කාරුණිකව පෙන්වා දෙනු කැමත්තෙමු. සිසුන් ප්‍රමාණය මත ත්‍රිකුණාමල මණ්ඩපය කුඩා වුවත්, අපගේ ශක්ති ප්‍රමාණයටත් උපරිමයෙන් විශ්වවිද්‍යාල සිසුන් ලෙස ත්‍රිකුණාමල මණ්ඩපයේ අප සයිටම් විරෝධතා වැඩසටහන සමග සිටිනබවද සියළුම දෙනාට මතක් කර සිටිමු.