IMG-LOGO

තන්තිරිමලේ විහාරය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් ප්‍රකට විහාරස්ථානයක්

හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට

තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද වනවිට සුවිශේෂී විහාරස්ථානයක් බවට පත්ව ඇතැයි ළමා හා කාන්තා ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අද (28) ප්‍රකාශ කළාය. 

විවිධ අභියෝග, දුෂ්කරතා සහ තර්ජනවලට ලක්ව තිබූ තන්තිරිමලේ රජමහා විහාරය සහ අවට ගම්මාන අද වනවිට සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගෙන ඇතැයි ද අමාත්‍යවරිය පැවැසුවාය.

විජය පුවත්පත් සමාගම මඟින් පහළොස්වැනි වරටත් සංවිධානය කළ ‘තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ දෙවැනි දිනයේ විදුලි පහන් දැල්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය ඒ බව කීවාය.

තන්තිරිමලේ විහාරස්ථානය අද තිබෙන තත්ත්වයට ගෙන ඒමේදී හිටපු නායක ස්වාමීන් වහන්සේ මෙන්ම වත්මන් නායක ස්වාමීන් වහන්සේ සුවිශේෂී මෙහෙරවක් කර තිබෙනවා යැයි කී අමාත්‍යවරිය තන්තිරිමලේ විහාරස්ථානයේ සහ අවට ගම්මානවල දියුණුවට ලංකාදීප සහ විජය පුවත්පත් සමාගම විශාල දායකත්වයක්  දී තිබෙන බව ද අමාත්‍යවරිය සිහිපත් කළාය. 

එහිදි අදහස් දැක්වූ ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මෙසේ ද කීවාය.

“තන්තිරිමලේ විහාරස්ථානය කොටි ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව තිබුණා. මේ ගම්මානවල වැසියෝ දුෂ්කරතා හා අභියෝග රැසකට මුහුණ දුන්නා. විහාරස්ථානය අර්බුද රැසකට මුහුණ දුන්නා. එහෙත් අද වනවිට තන්තිරිමලේ රජමහා විහාරය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් ප්‍රකට විහාරස්ථානයක් බවට පත්ව තිබෙනවා. විදේශිකයන් නිරන්තරයෙන් පැමිණෙන විහාරස්ථානයක් බවට පත්ව තිබෙනවා.

හිටපු නායක හාමුදුරුවෝ මේ තන්තිරිමලේ විහාරස්ථානය මේ තැනට ගේන්න වගේම ගම්වාසීන්ගේ දියුණුව උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. ඒ වගේම අද වනවිට අපේ වත්මන් නායක හාමුදුරුවෝත් තන්තිරිමලේ රජමහා විහාරයේ උන්තියට වගේම අවට ගම් පෙදෙස්වල සහ ඔවුන්ගේ සංවර්ධනය උදෙසා විශාල කැපකිරීමකින් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා.

අපේ හිටපු නායක හාමුදුරුවෝ වගේම අපේ වත්මන් නායක හාමුදුරුවොත් ගම්වාසීන්ගේ ඕනෑ එපාකම් බලමින් කටයුතු කරමින් ඉන්නවා. උන්වහන්සේ ඉතාමත් ඕනෑකමින් ඒ කටයුතු කරනවා. අද වනවිට උන්වහන්සේගේ කැපවීම නිසා විහාරස්ථානයෙත් ගම්මානවලත් දියුණුවක් වී තිබෙන බව සඳහන් කළ යුතුයි.

එදා මේ විහාරස්ථානයට පැමිණෙන්න හරිහැටි පාරක්වත් තිබුණේ නෑ. 

අද ඉන්දියාවේ සම්බෝධි සමාගමේ පිරිසක් ද මෙහි පැමිණ සිටිනවා. මේ දූත පිරිස හැම වර්ෂයකදීම අපේ රටට පැමිණෙනවා වගේම අපේ මේ තන්තිරිමලේ විහාරස්ථානයටත් පැමිණෙන බව අපට දැනගන්නට ලැබුණා. 

මේ කටයුතුවලදී විජය පුවත්පත් සමාගම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. විජය පුවත්පත් සමාගම වසර 15ක් තිස්සේ මේ ආලෝක පූජාව පවත්වාගෙන යමින් තන්තිරිමලේ විහාරයේ සහ අවට ගම්මානවලට මහඟු දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ නිසා ලංකාදීප ඇතුළු විජය පුවත්පත් සමාගමට, පොසොන් කමිටුවට සහ මේ කටයුතුවලට දායක වන සියලු දෙනාට කෘතඥතාව පළ කරන්න මා කැමැතියි”. 

 

 

 

 



අදහස් (3)

තන්තිරිමලේ විහාරය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් ප්‍රකට විහාරස්ථානයක්

PA - RA Friday, 29 June 2018 02:36 AM

ඔයාල දන්නවා එහෙනම්, එතකොට අරුගම්බේ මුහුදු මහාවිහාරයේ, සිංහල බෞද්ධ පුලුටක් නැහැ හාමුදුරුනමක් ඇරෙන්න බොහොම අසීරු ජිවිතයක් ගෙවමින් බුද්ධාගම වෙනුවෙන් අති විශාල කාර්යයක් කරනවා...........

:       0       62

ලක්ෂිත Friday, 29 June 2018 06:35 AM

තන්තිරිමලේ තස්ත්‍රවාදීන්ගෙන් බේරාගත්ත එක අමතක කරන එක වැරදියි නේද?

:       1       33

ananda Friday, 29 June 2018 11:01 AM

ලොක්කට කියල ඒකත් විකුණ ගන්න පුලුවන්ද බලන්න

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site