ජේ.ඒ.එල් ජයසිංහ
මහනුවර ප්‍රදේශයට අද අලුයම සිට ඇද හැළුණු තද වර්ෂාවෙන් පසු මැදඇළ උතුරා යාමෙන් විලියම් ගොපල්ලව මාවත හිරස්සගල ඇතුළු ප්‍රාදේශ කීපයක් වැසි ජලයෙන් යටවිය. මේ නිසා නිවාස 150කට පමණ හානි සිදු විය. මහනුවර, කෑගල්ල,නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (28) රාත්‍රීයේ සිට තද වැසි පැවැති බවත් නායයාමේ අවදානම් ප්‍රාදේශවලි ජනතාවට සොදිසියෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අද නිවේදනයක් නිකුත් කළේය.







COMMENTS
පෙරහැර වගේ පූජනීය කාර්යයන් සිද්ධ වෙන්න කලින් අපි කළ අපිරිසිදු වැඩ පිරිසිදු කිරීම ස්වභාව ධර්මයා විසින් මෙවර හොදටම සිද්ධ කළා. මහනුවර සෝදලාම දැම්මා ස්වභාව ධර්මයා දඩුවම් නරන්නේ ඔහොම තමයි
ලංකාවේ නිවාස ඉදිකිරීමේදී ජලය බැස යාම හෝ වෙනත් පාරිසරික බලපෑමට අදාළ නීති ක්‍රියාත්මක වෙන්නේ බොහොම අඩුවෙන් . ඒ නීති ක්‍රියාත්මක කරන්න ගියත් දේශපාලන බලය, තනතුරු බලය හෝ මුදල් බලයෙන් ඒ නීතිරීති උල්ලංඝනය කර ඉදිකිරීම් කරනවා . අවසන් ප්‍රතිඵලය මේකයි . සුළු වශයෙන් වතුර බැසයාමට බාධා වන ගෙවල් රාශියකින් විශාල වශයෙන් ජලය බැස යාමට බාධාවක් ඇතිවෙන බව තේරෙනකොට පෙරහැර ගිහින් .
අනේ අපේ නුවර ඔය අවට වසන්නන්ට දලදා පිහිටයි
මේක යටවුණේ නුවර කරන අලුත් ඉදිකිරීමකට ඇල මාර්ගය තාවකාලිකව වසා තැබීම නිසාය. බලාපොරොත්තු නොවුණු සිදුවීමක්...
පහුගිය දශකය ඇතුළත ලංකාව පුරාම ලැබෙන වර්ෂාපතනයේ තීව්‍රතාවය (විනාඩියකදී එක් ස්ථානයකට ලැබෙන වර්ෂාපතනය) ඉතා වැඩිවී තිබෙනවා. ආන්තික කාලගුණ තත්වයන් වැඩිවී තිබෙනවා. පහුගිය සතිය මහනුවර නගරය ඉතා වියළියි, අද ගංවතුර. පසුගිය මාසයේදී මොරවක, දෙනියාය, කුකුලේගඟ පළාත්වලත් වුණේ මේ දේමයි. මේ දේශගුණ විපර්යාසයන්ගේ අතුරු පල. මේවාට සූදානම් වුණේ නැත්නම් අපිට මීට වඩා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවෙයි...
මේ දිනවල මැදඇල ප්‍රතිසංස්කරණය කරන බැවින් එහි සමහර කොටස් වසාතිබීම නිසයි ඇළ උතුරා ගියේ. මෙය දේව ප්‍රාතිහාර්යක් නිසා හෝ යමෙක් කරන ලද අපිරිසිදු වැඩක් නිසා සිදුවූවක් නොවේ.
අරවින්ද මලයෝ මම කිව්වෙ නෑනේ මැද අැලක කතාවක් වත් දේව ප්‍රාතිහාර්යයක් ගැන වත්. මම කිව්වේ ස්වභාව ධර්මය අප පාලනය කරන අදහසක් විතරයි