IMG-LOGO

තට්ටු නිවාස සංකීර්ණවලට ග්‍රාම නිලධාරී කාර්යාලයක්

(නිමල කොඩිතුවක්කු)

නිවාස සියයකට වැඩි සෑම තට්ටු නිවාස සංකීර්ණයක්  ඉදිකිරීමේදීම  ග‍්‍රාම නිලධාරී කාර්යාලයක් සඳහා ඉඩක් වෙන් කළ යුතු බවට වන නීති සකස් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද(15) පැවසීය.

එසේ නොකරන  තට්ටු නිවාස සංකීර්ණ සඳහා අනුමැතිය ලබා නොදෙන බවත් අමාත්‍යවරයා කීය.

තට්ටු නිවාස සංකීර්ණයක 1000ක් පමණ පුද්ගලයන් පදිංචි විය හැකි බැවින් මහජනතාවගේ පහසුව සඳහා මෙම තීරණය ගන්නා බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම සෑම ග‍්‍රාම නිලධාරී වසමක් වෙනුවෙන් ම රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති බවත් මේ මගින් රුපියල් කෝටි 3500ක් ග‍්‍රමීය සංවර්ධනයට යොදවා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (9)

තට්ටු නිවාස සංකීර්ණවලට ග්‍රාම නිලධාරී කාර්යාලයක්

ටයිගර් Wednesday, 15 November 2017 01:36 PM

තට්ටු නිවාස සංකීර්ණවලට පොලීසිය බැගිනුත් දමමු.

:       0       0

bamunuarachchi Wednesday, 15 November 2017 02:00 PM

එ්ක නම් හොඳ අදහසක් තමයි.

:       21       54

kumar Wednesday, 15 November 2017 02:57 PM

හැමදාම මේවා දැම්මොත් හොඳයි.

:       0       0

anthony Wednesday, 15 November 2017 04:25 PM

ඇයි ඒ ? ඒ තට්ටු නිවාස හදන්නේ ග්‍රාම සේවා වසමක් ඇතුලේ නෙමෙයිද ?

:       37       9

රාජුන් Wednesday, 15 November 2017 08:42 PM

ඒ කියන්නෙ සෑම නිවාස 100 කටම ග්‍රාමසේවක කාර්යාලයක් ඕනි කියලද? අැමති කෙනෙක් වෙලත් ඇයි මෙහෙම මෝඩ කතා කියන්නෙ?

:       0       0

kalpa Thursday, 16 November 2017 01:32 AM

කොළඹට කිරි ගමට කැකිරි කියන්නේ මේවට නේද ?

:       0       0

laksman Thursday, 16 November 2017 01:36 AM

ග්‍රාම නිලධාරිට පමණක් නොවේ දැන් කාලේ වසමකට විවිධ නිලධාරීන් 20ක් පමණ සිටිනවනේ.. එම අයටත් නොදුන්නොත් අසාධාරණයි නේද.?

:       0       0

sathyapala Thursday, 16 November 2017 01:42 AM

මේ හදන්නේ ඡන්දෙට පෙර රොත්ත බුරුත්තකට දේශපාලන පත්වීම් දීලා මුළු රාජ්‍ය සේවයම කඩාදාන්න. එක ලංගම බස් එකකට රියදුරෝ 7-8 කොන්දොස්තරලා 5-6 ගානේ රස්සා දීලා ලංගම විනාශ කරපු එකේ ප්‍රතිපල තමයි රටම විදින්නේ. අන්තිමට තනි තනිව ප්‍රවාහන ප්‍රශ්නය විසදගන්න ගිහින් රටේ පාරවල් පිරෙන්න වාහන. රටේ සල්ලි ඔක්කොම ජපානෙට. දුම දුවිලි. මේ රැකියා දීමත් තවත් අමන වැඩක්. හැදුනුම්පත රියදුරු ,බලපත ඉඩම් ඔප්පු යනාදිය පරිගණකගත කලොත් ග්‍රාමසේවකලා තොග ගණන් මොකටද ?

:       0       0

Nimal Thursday, 16 November 2017 04:57 AM

දියුණු රටවල කාමර ගණනක් අඩු අදායම් පවුල් සදහාත් වෙන්කරනවා. නගර සභාව මාර්ගයෙන් අඩු කුලියට බදු දීම සදහා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site