(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ ලබාගත් රුපියල් බිලියන 11ක මුදල නියමිත දිනයේ ආපසු නොගෙවීම නිසා එම සමාගමෙන් අයකරගත් රුපියල් මිලියන 88 ක මුදල මහා බැංකුවේ නිලධාරීන්ගේ අනුමැතිය යටතේ කටයුතු කිරීම නිසා ආපසු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගෙවීමට සිදු වු බව ශ්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැදුම්කර කොමිසම හමවේ හෙළි කළේය. මෙය අසාමාන්‍ය තත්වයක් යැයිද අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කළේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ අප්‍රේල් පළමුවැනිදා මහා බැංකුවෙන් රුපියල් බිලියන 11ක මුදලක් ලබාගත්තත් එය අප්‍රේල් 04 වැනිදා තෙක් නොගෙවීම නිසා එම මුදල් පැහැර හැරීම වෙනුවෙන් මහා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් මිලියන 88 ක මුදලක් අයකරගත් බවත් එම මුදල් එලෙස අයකර ගත්තේ අප්‍රේල් 04 වැනිදාට අනුරූපව පොළී ගණනය කිරීමෙන් යැයි කී වසන්ත කුමාර අල්විස් මහතා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ මහා බැංකුවේ සහකාර අධිපති ජානකී මාපිටිය මහත්මියගේ අනුමැතිය පරිදි එම පොළිය අප්‍රේල් පළමුවැනිදා පොළී අනුපාතයට අනුව ගණනය කිරීම නිසා එම රුපියල් මිලියන 88ක මුදල ආපසු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගෙවීමට සිදුවු බවද පැවසීය.
මෙම සියලු කටයුතු සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පහත ආකාරයට ණය ලබාගෙන තියෙනවා මහා බැංකුවෙන් බිලියන 12.5යි, අර්ථ සාධක අරමුදලෙන් බිලියන 7.5යි, ඩී.ඒෆ්.සී.සී. සහ පෑන් ඒෂියා බැංකු වලින් බිලියන 8.5යි. වශයෙන් රුපියල් බිලියන 21ක ණයක් ලබාගෙන මෙම ගණුදෙණු කොට ඇතැයි පැවසු වසන්ත කුමාර අල්විස් මහතා මෙය මීට පෙර සිදුනොවු අසාමාන්‍ය දෙයක් යැයිද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාමාන්‍ය අවස්ථාවක් කියලා කියන්නේ වෙනත් ප්‍රාථමික අලෙවිකරුවන් මෙසේ ණය අරගෙන නැද්ද? එසේ නැත්නම් මීට කලින් ප්‍රමාද පොළී අය කරගෙන නැද්ද?අනෙක් අතට ණය නොගෙවීම සිදු නොවූ දින පැවති පොළී අනුපාතය මත ගණනය කිරීම වැරදි බව කියන්නේ නම් නිවැරදි ගණනය කිරීම එදා දැක්කේ නැද්ද?
මේ රටේ ඉන්නේ හරක්. කෝ හොරු ? හොරු සුට් ඇඳගෙන රටේ උපදේශකයෝ.
හොරු කියල දේශපාලනඥයන්ට ඇඟිල්ල දික් කළාට, ඇත්ත හොරු වෙන කට්ටියක් වගේ. මේ ආයතනවල කටයුතු කරන උගත් බුද්ධිමත් අය තමයි වැඩේ දීල තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.
නිලධාරීන් කීපදෙනකුගේ උවමනාවමත රාජ්‍ය මුදල්/අදායම් අවබාවිතා කල හැකිද ?
මේ හැම බලු හොරකමකටම මේ රටේ සාමාන්‍ය ජනතාවත් වන්දි ගෙවනවා.
මහබැංකුවට සල්ලි නැහැ කියලනේ බැඳුම්කර දෙන්නේ,දැන් බැඳුම්කර දෙන යට ණයට දීල ඒවා ගෙන් බැඳුම්කර ගන්න තත්වයක් ද ඇත්තටම තියෙන්නේ ? මේ රට වල පල්ලට මිසක් ගොඩ ඒමක් නැහැ.හොරු ,කම්බා හොරු හැමතැනම.අරුම පුදුම රටක්.......
එහෙම ගෙවන්න හැකියාවක් තියෙනවනම් ණයට ගන්නේ ඇයි?